අභිෂේක්ගේ ජල්සා නිවසට ආපු අයිශ්වර්යා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට අභිෂේක්ගෙන් වෙන්ව තනිවම ජිවත් වන අයිශ්වර්යා හා ඇයගේ දියණිය ආරාධ්‍යා මීට දින කිහිපයකට පෙර අභිෂේක්ෙගේ මාපියන්ට අයත්  මුම්බායි හි ජල්සා නිවසට පැමිණි බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, මාධ්‍යයට හොර රහසේ ඔවුන් පැමිණ තිබුණ අතර, පැපරාසි කැමරාකරුවන් කිහිප දෙනෙකු ඔවුන්ගේ පැමිණිම රහසේම විඩියෝ හා ඡායාරූපගත කර තිබුණ බව සඳහන් වෙයි.

විශේෂත්වය වන්නේ අයිශ්වර්යා රායි මෙහි පැමිණ තිබුණේ අභිෂේක් විසින් ඇයට පැළඳු සිය මංගල මුදුවද නොමැතිව බව පැපරාසි වාර්තා කරුවන් කියයි. එමෙන්ම අයිශ්වර්යා මෙන්ම ආරාධ්‍යාද දැඩි කුතුහලයෙන් මෙහි රැඳි සිටින බවත් පැය කිහිපයකින් පසුව නැවතත් ජල්සා නිවසෙන් ඔවුන් පිටව යනු අයුරත් පැපරාසි කැමරා කාචවලට හසුව තිබුණි.