අනුෂ්කා ඉන්ටර්ග්රැම් ආයතනයත් සමග පැටලේ
කලා නිර්මාණවල නුදුටුවද අනුෂ්කා ෂර්මා යනු බොලිවුඩයේ කවදත් ජනප්රිය සිනමා තරුවකි. මෑතකදී ඇය ක්රීඩා භාණ්ඩ හා ක්රීඩා ඇදුම් විකුණන ආයතනයක සන්නාම තතාපතිනියක් ලෙස වැඩ භාරගනු ලැබුවා. එහිදි ඇය ක්රීඩා ඇඳුම් කිහිපයකින් පෙනි සිටින ඡායාරූප පෙළෙකටද පෙනි සිටි අතර, ඇය ඒවා සිය ඉන්ටර්ග්රැම්ස් ගිණුම තුළ පළ කර තිබුණි.
කෙසේ වෙතත්, ඉන්ටර්ග්රැම්ස් ආයතනය අනුෂ්කාගේ අවසරයකින් තොරව ඔවුන්ගේ වාර අවසාන අලෙවිය ප්රවර්ධනය කිරීම සඳහා මෙම ඡායාරූප යොදා ගෙන ඇත. අනුෂ්කා එම ආයතනයට බැණ වැද ඒවා ඉවත් කරන ලෙස දැනුම්දී තිබුණද මේ වනවිටත් එම ආයතනය ඊට පියවරගෙන නොමැති බව සඳහන් වෙයි.