අනිල් කපූර්ටත් කාලයකට පසුව ෆිල්ම් ෆෙයාර් සම්මානයක්

  • 09-05-2023
  • Views 64

මෙවර සම්මාන උළලේදී හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරුවක් වූ අනිල් කපූර්ය. ඒ ජුග්ජුග් ජීයෝ චිත්‍රපටයේ භිම් ෂයිනි ලෙස කළ රංගන උදෙසාය. ඔහු මෙම සම්මාන උළලකදී හොඳම සහය නළුවා ලෙස සම්මාන දිනාගත්තේ තුන්වැනි වතාවටය.

ඔහු සමගින් මෙම සම්මානයට අනුපම් කේර් (වූන්චායි), දර්ශන් කුමාර් (ද කාශ්මිර් ෆයිල්ස්), ගුල්ෂාන් දේවාල්හා (බදායි දෝ), ජයිදිප් අල්වාත් (ඇන් ඇක්ෂන් හීරෝ), මනිෂ් පෝල් (ජුග්ජුග් ජීයෝ), මිථුන් චක්‍රබෝරිති (ද කාශ්මිර් ෆයිල්ස්), නිර්දේශ වී සිටියහ.