අනිල් කපූර්ගේ පොඩි දූව විවාහ වෙලා
චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරන රියා කපූර් පසුගිය සති අන්තයේදී ඇයගේ දිගු කාලීන පෙම්වතා වූ කරන් බූලානි සමගින් විවාහ වූවාය. අනිල් කපූර්ගේ බාල දියණිය වන රියා, සෝනම්ගේ නැඟෙණියද වෙයි. 34 වැනි වියෙහි පසුවන රියාගේ මෙම විවාහ මංගල්‍යයට ඇයගේ හා කරන්ගේ පවුලේ සාමාජිකයන් පමණක් එක්වූ බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, සති අන්තයේ පැවති මෙම උත්සවය මුදුමාරු කර ගැනීමට පමණක් සීමා වූ අතර, අනිල් කපූර් පවසන්නේ තවත් සතියකින් පසුව මෙම විවාහය සිය සමිපතමයන්ටද අරාධනා කර චාම්ව පවත්වන්නට සැළසුම් කර ඇති බවය.