බොලිවුඩ් සිනමාවේ රජුන් ලෙස සැළකෙන සුපිරි නළු ෂාරුක් ඛාන් මීට දින කිහිපයකට පෙර ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේදී අනතුරකට ලක්ව ඇත. ඒ ඔහු පෙනී සිටින වර්තාමය චිත්‍රපටයක රූපගත කිරිම් අතරතුරදීය. මෙම අනතුරින් ෂාරුක්ගේ නාසයට හානි සිදුව ඇති අතර, නාසයෙන් රුධිරය වාහනය වීමක්ද සිදුව ඇත. අනතුර සිදුවිමෙන් පසුව ෂාරුක් ලොස් ඇන්ජලීස් නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති අතර, එහිදි සුළු ශල්‍ය කර්මයක්ද සිදු කර තිබේ.
කෙසේ වෙතත්, චිත්‍රපට නිෂ්පාදකවරයා සඳහන් කළේ මෙම අනතුරින් සිදුවු තුවාලය එතරම් බරපතල එකක් නොවන බවය. ශල්‍ය කර්මය සිදු කිරිමෙන් පසුව ඔහු නැවතත් ඉන්දියාවේ මුම්බායි නගරයේ සිය නිවසේ පැමිණ තිබුණ බව සඳහන් වෙන අතර, මේ දිනවල ඔහු විවේක සුවියෙන් පසුවෙන බවද වාර්තා වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
