‘අදිපුරුෂ්’ ප්‍රචාරක පටය දැක කෙන්ති ගිය ප්‍රභාස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලබන වසරේ ජනවාරි 23 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබු අදිපුරුෂ් චිත්‍රපටය දින නියමයක් නොමැතිව කල් තබා තිබෙන බව සඳහන් වෙයි. මෙම චිත්‍රපටයේ ප්‍රචාරකපටය මීට සති කිහිපයකට පෙර නිකුත් කළ අතර, එදින එය නැරඹිමෙන් පසුව ප්‍රභාස් ඇතුළු පිරිසක් නොසන්සු වු බව සඳහන් වෙයි.

එයට හේතුව වී තිබුණේ ප්‍රචාරකපටය නිර්මාණාත්මක නොවී තිබිමය. එමෙන්ම ප්‍රභාස්ගේ ස්වරූපයද වෙනස් වී තිබෙන අතර, චිත්‍රපටයේ කිසිදු හරයක් එම ප්‍රචාරකපටය තුළින් පිළිබිබු නොවීමද මෙහි දකින්නට ලැබුණි. මේ කරුණු කරණා හේතුවෙන් චිත්‍රපටය දින නියමයක් නොමැතිව කල් තබා තිබෙන අතර, චිත්‍රපටය යළිත් නිර්මාණය කරන්නට සැළසුමක් නිෂ්පාදකවරුන් අතර ඇති බවද නිල නොළත් වාර්තා සඳහන් කර සිටියි.