අජිත්ගේ සමාජ පිටු යාවත්කාලීන කරන ඔහුගේ බිරිඳ ශාලිනි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයකම දුටු ශාලිනි මේ වනවිට සිය සැමියා වූ දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර්ගේ සමාජ පිටු යාවත්කාලීන කරන්නට පටන්ගෙන තිබේ. වසර ගණනාවක් තිස්සේ සමාජ පිටු ක්‍රියාකිරිමෙන් ඈත්ව සිටි අජිත් සිය බිරිඳගේ ඉල්ලීම මත ෆේස්බුක්, ටිවිටර් හා ඉන්ටර්ග්‍රැම්ස් සමාජ පිටු මීට මාස කිහිපයකට ආරම්භ කර ඇත.

මෑතකදී නිවාඩුවක් ගත කිරිමට අජිත් හා බිරිඳ ශාලිනි ලන්ඩන් නගරයට ගිය අවස්ථාවේදී ගත් ඡායාරූප කිහිපයක්ම මේ වනවිට අජිත්ගේ සමාජ පිටු හරහා ඇය විසින් ප්‍රසිද්ධ කර තිබේ. එම ඡායාරූප නිකුත් කරන අවස්ථාවේදී ශාලිනි ඊට my sunshine ලෙස කෙටි වැකියක්ද තබා තිබෙනු දක්නට ලැබුණි.