අජිත්ගේ ‘වාලිමයි’ බොක්ස් ඔෆිස් වාර්තා අතරට
කාලයක් තිස්සේ ප්රදර්ශනය කිරිමට සූදනම් කර තිබු සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර්ගේ ‘වාලිමයි’ චිත්රපටය පසුගිය පෙබරවාරි 25 වැනිද ප්රදර්ශනය ආරම්භ විය. දින දෙකක් ගෙවෙද්දි ‘වාලිමයි’ චිත්රපටය නිෂ්පාදනය කරන්නට වැය වූ ඉන්දීය රුපියල් කෝටි 150ක මුදල සොයා ගැනීමට සමත්ව ඇත.
මේ වනවිට ඉහළ සාර්ථකත්වයක් ලබමින් තිරගත වෙන මෙම චිත්රපටයේ අජිත් කුමාර් හැරෙන්නට, බොලිවුඩ් සිනමා නිළී හුමා කුරේෂි රංගනයෙන් දායක වෙයි. මෙම චිත්රපටය බොනි කපූර් විසින් නිෂ්පාදනය කළ චිත්රපටයක්ද වෙයි.