අජිත් කුමාර් දවස් 21කට තායිලන්තයේ බැංකොක් නගරේට යයි
‘වාලිමයි’ චිත්‍රපටයෙන් පසුව දකුණු ඉන්දීය සුපිරි නළු අජිත් කුමාර් මේ වනවිට සිය 61 වැනි චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කර ඇත. එච්. විනොත් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් මේ වනවිට ආරම්භ කර තිබෙන අතර, තවත් දින කිහිපයකින් චිත්‍රපට කණ්ඩායම දින 21ක කාලයක රූපගත කිරිම් කටයුත්තක් සඳහා බැංකොක් නගරයට යාමට සූදානමින් සිටියි
ලබන වසරේ ‘පොංගල්’ දිනයේදී ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර ඇති මෙම චිත්‍රපටයේ සියලු රූපගත කිරිම් කටයුතු සැප්තැම්බර් මාසය අවසන්වනාවත් සමග නිම කරන්නට චිත්‍රපට කණ්ඩායම බලාපොරොත්තුවෙයි. මෙහි අජිත් සමගින් ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මංජු වාරියර්ය.