Wonder Woman සමග කරළියට එන ගාල් ගැඩොට්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-01-ent-17

පසුගිය කාලයේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වූ Batman v Superman: Dawn of Justice චිත්‍රපටයේ චරිතයක් ලෙස ප්‍රසිද්ධියට පත් වොන්ඩර් වුමන් නොහොත් ඩයනා ප්‍රින්ස් පිළිබඳ නැවත කතාබහ කිරීමට සැරසෙයි. එම චරිතයට රංගනයෙන් දායක වන ඊශ්‍රායල් නිරූපිකාවක් වන ගාල් ගැඩෝ මේ වන විට ලෝකයම දන්නා රංගන ශිල්පිනියක් වී හමාරය.

පසුගිය මැයි 15 වැනිදා මෙම Wonder Woman චිත්‍රපටයේ මංගල දර්ශනය ෂැංහායි වලදී එළිදක්වනු ලැබීය. නමුත් මෙම චිත්‍රපටය නිල වශයෙන් එළිදක්වනු ලබන්නේ එළඹෙන 2 වැනි දිනය. පැටී ජෙන්කින්ස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය සඳහා නිෂ්පාදකවරුන් හතරදෙනෙකු දායක වී තිබේ. මෙහි නිෂ්පාදන ආයතන ලෙස DC ෆිල්ම්ස් සහ තවත් සමාගම් 4ක දායකත්වය ලබා දී තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 120ක වියදමක් මෙම චිත්‍රපටය වෙනුවෙන් වැයකර තිබේ.

මෙහි ප්‍රධාන චරිතය වන ගාල් ගැඩෝ 2004 වසරේ Miss Israel තරගය ජයග්‍රහණය කර ජනප්‍රියත්වයට පත්විය. 2004 Miss Universe තරගයට දායක වූ නමුත් ඉන් ඇයට ජයග්‍රහණයක් නොලැබුණි. ඉන්පසු 2007 වර්ෂය වෙනතෙක්ම කිසිදු තරගයක් සඳහා දායක නොවුණු අතර, 2007 වර්ෂයේදී Bubot රූපවාහිනී නාට්‍ය මාලාවක් මගින් රංගන ක්ෂේත්‍රයට පිවිස ඇති අතර, මේ වන විට අධික මිලක් අයකරන රංගන ශිල්පිනියක් ලෙස නම් වී හමාරය.

2009 වර්ෂයේදීත් ගාල් ගැඩෝ රූපවාහිනී කතා මාලාවක් සඳහා දායක වූ අතර, ඉන්පසු එම වර්ෂයේදීම Fast & Furious චිත්‍රපටය සඳහා රංගන වරම් හිමි විය. එය ඇයගේ පළමු චිත්‍රපට රංගනය වූ අතර, එම චිත්‍රපට මාලාවේ චිත්‍රපට 4ක් සඳහා ඇය දායක වූවාය. 2010 වර්ෂයේ සිට වසරකට එක් චිත්‍රපටය බැගින් පමණක් ඇය රංගන දායකත්වය ලබාදුණි. එයට හේතු වූයේ ගාල් ගැඩෝ හොලිවුඩයේ චිත්‍රපටයක් අවසන් කර නැවතත් ඊශ්‍රාලය බලා පිටත් වන හෙයිනි. පසුගිය වසරේ ඇය දායක වූ  Batman v Superman: Dawn of Justice සඳහා ඇය එක්වනු ලබන්නේ DC Comics ග්‍රන්ථයේ ඇති %වොන්ඩර් වුමන්^ චරිතයට පණ දීමට ඔවුන් තැත් කිරීම නිසාය. එම චරිතයට කොපමණ බලපෑමක් කිරීමට හැකියාව ලැබෙනවාද යන්න ඔවුන් එම චිත්‍රපටය ඔස්සේ නිරීක්ෂණය කරනු ලැබීය.

ගාල් ගැඩෝ නිරූපිකාවක්, නිළියක් වීමට ප්‍රථමයෙන් හමුදා නිලධාරියකු ලෙසද කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙවැනි කටුක අත්දැකීම් ඔස්සේ සිය ජීවිතය කෙමෙන් කෙමෙන් සාර්ථක කරගත් බව සඳහන් වෙයි.

 

Dilan Chryshantha 

 

 2017-06-01-ent-19 2017-06-01-ent-18