Underworld නිසා ප්‍රසිද්ධ වූ කේට්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-14-ent-03

මෙම වසරේ එළිදැක්වීමට නියමිත චිත්‍රපට පිළිබඳව අපි ඔබව දැනුම්වත් කළෙමු. එකී චිත්‍රපට අතරින් ජනවාරි මාසයේදී එළිදැක්වීමට නියමිත චිත්‍රපටයක් වන "Underworld: Blood Wars" චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස පණ පොවන්නේ කේට් බැකින්සල් විසිනි. ඇය පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් සිටින අතර, මෙම වසරේ ආදායම් වාර්තා අතරට පළමුවෙන් එක්වන චිත්‍රපටය ලෙසද මෙය නම් කර ඇත.

 

"Underworld: Blood Wars"

2012 වර්ෂයේදී එළිදැක්වූ "Underworld: Awakening"චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස "Underworld: Blood Wars" චිත්‍රපටය ජනවාරි මාසය තුළ එළිදැක්වීමට නියමිතය. මෙය ඇමෙරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැක. කේට් බැකින්සල් Underworld චිත්‍රපටයේ මුල් චිත්‍රපටය වන %Underworld^ (2003) චිත්‍රපටයේ සිට ප්‍රධාන චරිතය සඳහා පණ පොවන්නීය.

 


සම්පූර්ණ නම - කැත්රින් රොමරි බැකින්සල්

උපත - 1973 ජූලි 26 (අවුරුදු 43)

වෘත්තිය - නිරූපණය සහ රංගනය

වෘත්තියට එළැඹීම - 1991


 

2017-01-14-ent-011993 වර්ෂයේදී එළිදැක්වූ "Much Ado About Nothing" චිත්‍රපටයේ අතුරු චරිතයක් වූ  "Hero" චරිතයට පණ පෙවීමට ඇයට අවස්ථාව හිමිවිය. ඉන් පසු ඇය 1994 වර්ෂයේදී එළිදැක්වූ "Prince of Jutland" චිත්‍රපටය සඳහා ඇයට ප්‍රධාන චරිතයක් සඳහා දායක වීමට අවස්ථාව ලැබීය. 1994 වර්ෂයේදී එළිදැක්වූ තවත් චිත්‍රපටයක් වන "Uncovered" සඳහාද ඇය දායක වූවාය.

 

1995 වර්ෂයේදී ඇයට චිත්‍රපට දෙකක් සඳහා දායක වීමට අවස්ථාව හිමි වූ අතර, ඒ "Cold Comfort Farm" සහ "Haunted" චිත්‍රපට වෙයි. ඇය 1996 වර්ෂයේදී රෝගාතුර වූ අතර, ඒ නිසා ඇයට වසරක පමණ කාලයක් රංගන කටයුතුවලින් ඉවත් වීමට සිදුවිය.

1997 වර්ෂයේදී එළිදැක්වූ "Shooting Fish" නම් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව හිමිවිය.

1998 වර්ෂයේ සිට ඇය 2002 වර්ෂය දක්වා චිත්‍රපට 06ක් සඳහා රංගනයෙන් දායක වූවාය. නමුත් ඇය එතරම් ජනප්‍රියත්වට පත්නොවිණි. ඇය මේ

වසර කිහිපය තුළ දායක වූ සෑම චිත්‍රපටයක්ම ආදායම් අතරට පැමිණියේය.

2003 වර්ෂයේ එළිදැක්වූ "Underworld" චිත්‍රපටය ඇයගේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂය බව ඇය සඳහන් කළාය. 2004 දී ඇය "Van Helsing" චිත්‍රපටය සහ "The Aviator" චිත්‍රපටය සඳහා දායක වූවාය.

2006 වර්ෂයේදී "Underworld" චිත්‍රපටයේ දෙවැන්න වන "Underworld: Evolution" චිත්‍රපටය සඳහාද දායක වූවාය.

2007 වර්ෂයේ සිට 2008 වර්ෂ දක්වා ඇය චිත්‍රපට 04ක් සඳහා දායක වූවාය.

2009 වර්ෂයේදී ඇය චිත්‍රපට 03ක් සඳහා දායක වූ අතර, එම වර්ෂයේදීම "Underworld" චිත්‍රපටයේ තෙවැන්න වන "Underworld: Rise of the Lycans" එළිදැක්විය.

2012 වර්ෂයේදී ඇය නැවත චිත්‍රපට රංගන සඳහා එක් වූ අතර, ඒ "Underworld: Awakening" සහ "Total Recall" චිත්‍රපට වෙනුවෙනි.

2013 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා ඇය චිත්‍රපට 08ක් සඳහා දායක වූවාය.

2017 වර්ෂයේ ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටය මෙම මාසයේ එළිදැක්වීමට නියමිතය.

 

2017-01-14-ent-05
2017-01-14-ent-04
2017-01-14-ent-02