Tomb Raider වාර්තා තබයි
2001 වසරේ නිෂ්පාදනය වූ Lara Croft: Tomb Raider චිත්‍රපටයේ තෙවැන්නක් ලෙස පසුගියදා තිර ගත වීම ආරම්භ වූ චිත්‍රපටය පසුගියදා එළිදැක්විය. Tomb Raider නම් වූ මෙම චිත්‍රපටය මේ වනවිට විශාල ආදායම් වාර්තා පසුකිරීමට හැකියාව ලැබී තිබේ. Tomb Raider ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ Lara Croft පණ පොවනු ලබන්නේ ඇන්ජලීනා නොවීමත් පුදුමයට කරුණක් වූ අතර ඒ සඳහා පණ පොවනු ලැබුවේ නවක නිළියක් වන ඇලීසියා විකැන්ඩර් විසිනි. රෝර් උතාගූ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය මාර්තු 02 වැනිදා බර්ලින් වලදී තිරගත වීම ආරම්භ වූ අතර, මාර්තු 16 වැනිදා ඇමෙරිකාවට සමගාමීව ලොව පුරා තිරගත වීම ආරම්භ විය. ඇමෙරිකානු ඩොලර් මිලියන 106 ක වියදමක් ඔස්සේ නිර්මාණ වූ මෙම චිත්‍රපටය මේවනවිට ඇමෙරිකානු ඩොලර් මිලිය 245.1 ක ආදායමක් උපයා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.