‘Thugs of Hindostan’ ප්‍රධාන චරිතය වූ ෆාතිමා සානා
බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය තුළ මෙම වසරේ දිවාලී උත්සවය වෙනුවෙන් දැවැන්ත නිර්මාණක් එළිදැක්වීමට සූදානම් වේ. ඒ ‘Thugs of Hindostan’ නම් චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය මුහුදු කොල්ලකරුවන් ඔස්සේ නිර්මාණය වන චිත්‍රපටයකි. බොලිවුඩ් සිනමාව තුළ මෙවැනි චිත්‍රපටයක් එළිදක්වන පළමු අවස්ථාවද මෙය වන බවට සඳහන් වේ. මෙහි ප්‍රධාන චරිත හැඩකරනු ලබන්නේ, අමිතාබ් භච්චන්, අමීර් ඛාන්, කත්රිනා කායිෆ් සහ ෆාතිමා සානා විසිනි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හැඩ කරන ෆාතිමා වෙනුවට තපස්සි පන්නු දායක වීමට නියමිතව තිබූ නමුත් එම චරිතයට ඇය නොගැළපෙන හෙයින් ෆාතිමාව මෙම චරිතය සඳහා තෝරා ගෙන තිබේ.
ෆාතිමා පිළිබඳව විවිධ පුවත් පසුගිය කාලයේ වාර්තා වූ අතර, බොහෝ දෙනා ඇයව හැඳින්වූයේ අමීර් ඛාන්ගේ අනියම් පෙම්වතිය ලෙසයි. එම හේතුවෙන් ඇය පිළිබඳව බොහෝ දෙනෙකුගේ විවිධ මත භේදාත්මක අදහස් හුවමාරු වූ බව සඳහන් වේ. මෙම චිත්‍රපටය සඳහාද ඇයව තෝරා ගැනීමට අමීර් ඛාන් යෝජනා කර තිබූ බවත්, ඇතැම් පුවත්වල සඳහන් වේ. කෙසේ වුවත් මේ වනවිට ඇය විසින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හැඩ කරනු ලබයි.
ෆාතිමා සානා ශයික් බොලිවුඩ් සිනමාවට නවකයෙකු නොවේ. නමුත් ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට ඇත්තේ සීමා සහිතවය. ඇයව බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වූයේ 2016දී තිරගත වූ ‘දන්ගල්’ චිත්‍රපටයත් සමගිනි. ඇය බොහෝ සෙයින් දායක වූයේ අතුරු චරිත සඳහාය. එම හේතුවෙන් ඇය චිත්‍රපට සඳහා දායක වූවත් ඇය එතරම් ප්රසිද්ධක් ඉසිලූ චරිතයක් නොවීය. 1997 වසරේදී ‘Ishq’ නම් චිත්‍රපටය ඔස්සේ සිනමාවට පිවිසි ඇය එම වසරේදීම ‘Chachi 420’ නම් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය. ඉන්පසු 1998දී ‘Bade Dilwala’ නම් චිත්‍රපටය සඳහා ඇය රංගනයෙන් දායක විය.
වෘත්තීය සිනමා නිළියක් ලෙස කටයුතු කිරීමට පෙර ඇය රංගන පිළිබඳව 2000 සිට 2001 දක්වා හැදෑරීමක නිරත වූ අතර, එම හේතුවෙන් ඇය වසර දෙකක කාලයක් නිර්මාණවලින් ඉවත් වී සිටි බවටද සඳහන් වේ. ඇය නැවත සිනමා නිර්මාණයක් සඳහා දායක වන්නේ 2001දී තිරගත වූ ’One 2 Ka 4’ චිත්‍රපටය ඔස්සේය. 2001 වසරෙන් පසුවය ඇය ‘Best of Luck Nikki’ යන රූපවාහිනි කතාමාලාව සඳහා දායක විය. එය 2001 සිට 2003 දක්වා විකාශය විය. ඉන්පසුව ‘Ladies Special’ නම් රූපවාහිනි කතාමාලාව සඳහා රංගනයෙන් ඇය දායක විය. 2003 සිට 2006 දක්වා එය විකාශය වූ අතර, ඒ සඳහා ඇය රංගනයෙන් දායක විය. එම කාල වකවානුව තුළ ඇය සිනමා නිර්මාණයන් සඳහා රංගනයෙන් දායක නොවීය. 2006 සිට 2008 දක්වා විකාශය වූ ‘Agle Janam Mohe Bitiya Hi Kijo’ නම් රූපවාහිනී කතාමාලාව සඳහා රංගනයෙන් දායක විය. ඇය නැවත සිනමාවට පිවිසෙන්නේ 2008දී තිරගත වූ ‘Tahaan’ නම් චිත්‍රපටය ඔස්සේය. 2012 වසරේදී ඇය නැවත ‘Bittoo Boss’ නම් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය. මේ වන විට ඇය සිනමා තරුවක් ලෙස ක්ෂේත්රය තුළ නියැළුනු බවට සඳහන් විය. 2013 වසරේදී ඇය නැවතත් සිනමා නිර්මාණයක් ඔස්සේ දැක බලා ගැනීමට හැකියාව ලැබුණි. ඒ ‘Akaash Vani’ නම් චිත්‍රපටයයි. 2015 වසරේදී ‘Nuvvu Nenu Okkatavudam’ නම් තෙළිඟු චිත්‍රපටයක් සඳහා ඇය රංගනයෙන් දායක විය. ඉන්පසුව ‘O Kadhal Kanmani’ නම් දමිළ චිත්‍රපටය සඳහාද ඇය දායක විය. 2016 වසරේ තිරගත වූ ‘Dnagal’ චිත්‍රපටය ඇයගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ බවට සඳහන් වේ. අමීර් ඛාන් සමග ප්‍රධාන රංගනයෙන් හැඩ වූ දංගල් චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණ වූ චිත්‍රපටයකි. එම චිත්‍රපටය වෙනුවෙන් ඇයට මල්ලව පොර ක්‍රීඩාවද හැදෑරීමට සිදු වූ බව සඳහන් වෙයි. එම චිත්‍රපටය වෙනුවෙන් විශාල කැපකිරීමක් ඇය සිදුකර තිබේ. ‘Thugs of Hindostan’ ඇයගේ මෙම වසරේ එළිදැක්වීමට ඇති චිත්‍රපටයයි. ‘බහුබාලි’ මෙන්ම ඉන්දියානු සිනමාවේ හැරවුම් ලක්ෂක් වන මෙම චිත්‍රපටයට ඇයට රංගනයෙන් දායක වීමට අවස්ථාව හිමිවීම පිළිබඳව ඇය බොහෝ ලෙස සතුටු වෙන බව ඇය පවසා තිබේ. මෙවැනි චිත්‍රපට එළිදැක්වීම මගින් ඉන්දියානු සිනමා කර්මාන්තයේ ඉදිරි ගමන මනාව පැහැදිලි වන බව බොහෝ දෙනාගේ අදහස වේ.