'Parmanu: The Story of Pokhran' තුළින් 'ඩයනා පෙන්ටි' යළිත් කරළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-04-11-ent-158

වසර දෙකක නිහඬතාවයක් බිඳ දමමින් නැවත බොලිවුඩ් සිනමාවට පැමිණෙන ජෝන් ඒබ්‍රහම්ගේ නවතම චිත්‍රපටය වන ‘Parmanu: The Story of Pokhran’ එළැඹෙන මැයි මස 08 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. වසර දෙකක් තුළ සිනමා නිර්මාණයකට සම්බන්ධ නොවූ ජෝන් නැවත සිනමාවට පිවිසෙනු ලබන්නේ ඉන්දියානු සිනමාව උඩුයටිකරු කරමිනි. ඉන්දියාවේ සිදුවූ ඛේදවාචකයක් තේමාකරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය වීමද විශේෂ කාරණාවකි. එනම් 1998 වසරේ මැයි මාසයේදී පරමාණු බෝම්බ අත්හදා බැලීමකින් පොක්රන් නගරයේ සිදුවූ විනාශය අලලා මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබේ. මේ කාරණාව හේතුවෙන් මෙම චිත්‍රපටයට බොහෝ මතභේදයන්ද ඉදිරිපත්ව තිබුණු බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් පසුගියදා එළිදැක්වූ ප්‍රචාරකටපටයත් සමගින් මෙම චිත්‍රපටයට ඇති අවධානය වඩා වැඩි වූ බවයි සඳහන් වන්නේ. කෙසේවුවත් මෙම චිත්‍රපටයේ ජෝන් ඒබ්‍රහම් සමග ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ ඉන්දියානු සිනමාවට නවකයෙකු වීමත් සුවිශේෂී කාරණාවකි.2018-04-11-ent-157

ඇය පිළිබඳව කතාබහ කිරීමේදී ඇයව මතකයට නැගෙන්නේ 2012 වසරේ තිරගතවූ චිත්‍රපටයක් ඔස්සේය. 2012 වසරේ තිරගත වෙමින් ආදායම් වාර්තා අතරට පත්වූ Cocktail චිත්‍රපටයේ සයිෆ් අලිඛාන් සහ දීපිකා පදුකෝනි සමග තවත් ප්‍රධාන චරිතයක් වූ ඩයනා පෙන්ටි බොහෝ දෙනාගේ අවධානය දින ගත් රංගන ශිල්පියෙකි. 2012 වර්ෂයේදී එළිදැක්වූ Cocktail චිත්‍රපටයෙන් පසුව ඇය රංගන ක්ෂේත්‍රයෙන් ඉවත්වූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනු ලැබීය. එයට බොහෝ කරුණු සඳහන් කර තිබුණත්, ඇය ඒ පිළිබඳව කිසිදු අදහසක් දක්වා නොතිබුණි. කෙසේ නමුත් ඇය නැවත සිනමාවට පිවිසෙනු ලැබුවේ 2016 වසරේ තිරගත වූ Happy Bhag Jayegi නම් චිත්‍රපටයෙනි. මුදස්සාර් අසීස් විසින් අධ්‍යක්ෂණ කරනු ලැබූ මෙම චිත්‍රපටයේ ආදායම ඉන්දියානු මිලියන 399කි. මිලියන 180ක වියදමක් දරා නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක් විය.

ඩයනා පෙන්ටි ක්ෂේත්‍රය හැඳිනගනු ලබන්නේ නිරූපිකාවක් ලෙසයි. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙනු ලබන්නේ 2005 වර්ෂයේදී වන අතර, ඇය මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව උපාධිධාරිනියකි. Elite Models India නම් විලාසිතා දැක්මෙන් ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඇය ඉතාලි විලාසිතා දැක්මක් සඳහා 2006 වර්ෂයේදී ඉදිරිපත් වෙන ලදී. ඒ Nicola Trussardi සහ Gianfranco Ferré නම් විලාසිතා නිර්මාණකරුවන්ගේ විලාසිතා එළිදැක්වීම සඳහාය. කෙසේවෙතත් 2011 වර්ෂයේදී ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත් විය.

2011 වර්ෂයේදී රන්බීර් කපූර් ප්‍රධාන චරිතයෙන් දායක වූ Rockstar චිත්‍රපටය සඳහා ඩයනාට ආරාධනා කර තිබුණත්, එම ආරාධනාව ඇය ප්‍රතික්ෂේප කර තිබුණි. 2017 වසරේදී ඇය නැවත Lucknow Central නම් චිත්‍රපටය ඔස්සේ රසිකයන්ට දැක බලා ගැනීමට හැකියාව ලැබුණි.

ඇය දායක වූ පළමු චිත්‍රපටය වන Cocktail චිත්‍රපටය ඔස්සේ සම්මානයන් දෙකක් සඳහා හිමිකම් කීමට අවස්ථාව හිමි විය. ඒ 2012 වර්ෂයේදී පැවැත් වූ Vogue Beauty Awards සම්මාන රාත්‍රියේදී සහ UK Bollywood Cosmopolitan Awards සම්මානය රාත්‍රියන් දෙකෙහිදීය. එහිදී Best Debut සම්මානය සහ Female Debut සම්මානය ඇයට හිමි විය. මෙම වසරේ මතභේදාත්මක චිත්‍රපටයක් ලෙසින් තිරගත වන Parmanu: The Story of Pokhran චිත්‍රපටය තමාගේ සිනමා දිවියට නවමු මගක් විවර කරනු ඇති බවයි ඇයගේ මතය වන්නේ. කෙසේවුවත් මෙම චිත්‍රපටය දෙස ඉන්දියානු මාධ්‍ය මෙන්ම විදෙස් මාධ්‍ය වලද අවධානය යොමුවී ඇති බව සඳහන් වෙයි.