'PadMan' එක්ක පොරබඳින Radhika Apte



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-25-ent-50

ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වන ‘PadMan’ චිත්‍රපටය මේ වනවිට අති සාර්ථකව ඉන්දියාවේ ප්‍රදර්ශනය වෙමින් පවතී.ඒ නිසාම මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංග භූමිකාව කටයුතු කරන රාධිකා ආප්ටේ පිළිබඳ මේ දිනවල කතාබහ ඇති වී තිබේ.ඇය විසින් පසුගිය කාලයේ බොහෝ ලෙස කතාබහට ලක්වූයේ ඇයගේ පෞද්ගලික ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගිනි. ආක්ෂේ කුමාර් සමග මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වන ඇය, ඉන්දියානුසංස්කෘතියතුළඇතිගැටලුපිළිබඳමෙමචිත්‍රපටයඔස්සේකතාකිරීමහේතුවෙන් ඇය පිළිබඳ කතිකාවක් ගොඩනැගී තිබේ. මේ කාරණාව හේතුවෙන් ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම, හොලිවුඩ් සිනමාවේද අවධානයක් දිනූ චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්විය හැක.2018-01-25-ent-51

2005 වසරේ බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය, බොහෝ ප්‍රසිද්ධියක් ඉසිලුවේදමිළ සිනමාව තුළය. 2005 වසරේ තිරගත වූ ‘Vaah! Life Ho TohAisi’ නම් සිනමා නිර්මාණයෙන් සිනමා ජීවිතය ආරම්භ කළ ඇය,2003 වසරේ සිට 2013 දක්වා වේදිකා නාට්‍ය 13කට අධික සංඛ්‍යාවක් සඳහා ඇය රංගනයෙන් දායක වී තිබේ.

2009 වසරේ ඇය නැවත ‘Antaheen’ නම් බෙංගාලි නිර්මාණයක් සහ’Samaantar’ නම් චිත්‍රපටය සඳහාරංගනයෙන් දායක වන අතර, 2010 වසරේදී නැවත හින්දි සිනමාවට පිවිසෙමින්’The Waiting Room’ නම් හින්දි සිනමා නිර්මාණයට එකතු වෙයි.ඉන්පසු ‘RaktaCharitra’ චිත්‍රපටය සඳහාදරාධිකා රංගනයෙන් දායක වූවාය.

අනතුරුව 2011 වසරේ ‘Shor in the City’ සහ ‘I Am’ චිත්‍රපට සඳහාත්,2012 වසරේදී ‘Dhoni’ නම් දමිළ චිත්‍රපටය සඳහාත් දායක වන ඇය වසරේ සිට 2014 දක්වා චිත්‍රපට 07ක් සඳහා රංගනයෙන් දායක වූවාය.

2015 වසරේ චිත්‍රපට චිත්‍රපට 07ක් සඳහා දායක වුවද, ඇය පිළිබඳ කතාබහ කෙරුණේ’Badlapur’ සහ ‘X: Past Is Present’ චිත්‍රපට සම්බන්ධයෙනි. 2016 වසරේ ඇය චිත්‍රපට 03ක් සඳහා රංගනයෙන් දායක වූ අතර, ඒ අතරින් රජිනිකාන්ත් සමගින් ‘Kabali’ චිත්‍රපටයටදායක වීමතම ජීවිතයේ ලද විශේෂ තිළිණයක් ලෙස ඇය හඳුන්වයි. මෙම නව වසරේද ඇයගේ චිත්‍රපට කිහිපයක් එළිදැක්වීමට නියමිතව තිබේ. ඒ අතරඉංග්‍රීසි චිත්‍රපට දෙකක්ද එළිදැක්වීමට නියමිතව තිබේ.