Pacific Rim Uprising සමගින් කරලියට එන ඇඩ්රියා
හොලිවුඩ් සිනාමව තුළින් මෙම වසරේ එළිදැක්වීමට නියමිතව සිනමා නිර්මාණයන් පිළිබඳව මේදිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. පසුගිය වසර වල නිර්මාණය වූ බොහෝ චිත්‍රපට වල දෙවැනි කොටස් මෙම වසරේ එළිදැක්වීමට නියමිතව තිබේ. ඒ අතරින් විද්‍යා ප්‍රබන්ධ කතා සඳහා බොහෝ ඉඩකඩක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගිය දින එළිදැක්වූ ප්‍රචාරකට පටයත් සමගින් මෙම චිත්‍රපටය පිළිබඳව බොහෝ අවධායනය යොමුව තිබේ. ඒ Pacific Rim Uprising නම් චිත්‍රපටයයි. 2013 වසරේ Pacific Rim නම් චිත්‍රපටයේ දෙවැනි නිර්මාණය ලෙසයි මෙම චිත්‍රපටය නිර්මාණය වන්නේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 411 ක ආදායමක් ලබමින් අතීශය ජනප්‍රියත්වයට පත් මෙම චිත්‍රපටය විද්‍ය ප්‍රබන්ධ චිත්‍රපටයක් ලෙස සම්මාන සඳහාද හිමිකම් කීමට අවස්ථාව උදාවිය. තාක්ෂණික විප්ලවයක් තුළ මනුෂ්‍ය වර්ගයාට සිදුවන හානිය පිළිබඳව ගොඩ නගා ඇති මෙම කතා වස්තුව පිළිබඳව බොහෝ දෙනා කතාබහ කරනු ලැබීය. එම කාරණාවන් ඔස්සේ අතිශය ජනප්‍රියත්වයටපත් මෙම චිත්‍රපටයෙ දෙවැන්න වන Pacific Rim Uprising චිත්‍රපටය හෙට (23දා) එළිදැක්වීමට නියමිතව තිබේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක වියදමක් ඔස්සේ මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ.
Pacific Rim Uprising චිත්‍රපටයේ ප්රචාරක පටයත් සමගින් එහි රංගන ශිල්පීන් පිලිබඳව අවධානය යොමුවීම පුදුමයට කරුණක් නොවෙයි. එහි ප්‍රධාන චරිතය හැඩ කරන චරිත අතරින් නවක නිළියක් පිලිබඳව කතාබහට ලක් ව තිබේ. ඇය නමින් ඇඩ්රියා අර්ජෝනා නම් වෙයි. ඇය කොලොම්බියානු ජාතික රංගන ශිල්පිනියක් වෙයි. මේවනවිට 25 වැනි වියේ පසුවන ඇය රංගනයට පිවිසියේ 2012 වසරේදීය. ඒ Loss නම් කෙටි චිත්‍රපටයක් ඔස්සේය. 2014 වසරේදී විකාශනය වූ රූපවාහිනි කතාමාලාව වන Unforgettable ඔස්සේ පුංචි තිරයට පිවිසෙන ලදී. ඉන්පසු ඇය නැවත 2015 වසරේ විකාශනය වූ Person of Interest කතාමාලාවට ඇය රංගනයෙන් දායක විය. 2015 වසරේදී ඇය සිනාමාවට පිවිසීමට අවස්ථාව උදාවන්නේ Wedding in New York චිත්‍රපටය ඔස්සේය. රංගන ඔස්සේ වෘත්තීම දිවිය ආරම්භ කරනු ලැබූ ඇය සිනමාවේ මෙන්ම පුංචි තිරයේද රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කිරීම ආරම්භ කරන ලදී. නැවත ඇය 2015 වසරේ HBO නාලිකාව විසින් විකාශනය කරනු ලැබූ Narcos රූපවාහිනි කතාමාලාවට ඇය රංගනයෙන් දායක විය. එම කතාමාලාවෙන් පසුව ඇයව පුංචි තිරය ඔස්සේ ජනප්‍රියත්වයට පත් වයි. ඉන්පසු ඇය True Detective නම් රූපවාහිනි කතාමාලාවට දායක විය. ඇය නැවත සිනමාවට පිවිසෙන්නේ 2016 තිරගත වූ The Belko Experiment නම් චිත්‍රපටය ඔස්සේය.
2017 වසරේ NBC තුලින් විකාශනය කරනු ලැබූ Emerald City ම් කතාංගයට රංගනයෙන් දායක වන ලදී. 2016 වසරේ අවසන් වරට ඇය සිනමාවට දායක වූ අතර, ඇය නැවත සිනමාවට පිවිසෙන්නේ මෙම වසරේදීය. ඒ හෙට (23දා) එළිදැක්වීමට නියමිතව ඇති Pacific Rim: Uprising චිත්‍රපටය තුළින්ය. ඊට අමතරව මෙම වසරේ තවත් එක් චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිතව තිබේ. ඒ Life of the Party නම් චිත්‍රපටයයි. එම චිත්‍රපටය මැයි මාසයේ එළිදැක්වීමට නියමිතව තිබේ. මෙම වසරේ ඇය රංගනයෙන් දායක වන රූපවාහිනි කතාමාලාවක් Good Omens රූපවාහිනි කතාමාලාව විකාශනය වීමට නියමිතව තිබේ. එමෙන්ම 2019 වසරේද ඇයට චිත්‍රපටයක් සඳහා ආරාධනාවක් ලැබී ඇති අතර, එහි රූගත කිරීම ඉදිරි කාලයේදී ආරම්භ කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. නම කෙසේ නමුත් Pacific Rim: Uprising චිත්‍රපටයත් මෙහි පලමු චිත්‍රපටය මෙන්ම සාර්ථක චිත්‍රපටයක් වනු ඇතිබවයි බොහෝ දෙනාගේ මතය වන්නේ.