Nidhhi Agerwal බොලිවුඩය ජය ගනීද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-05-ent-147

හොලිවුඩය මෙන්ම කරටකරට තරග කරන චිත්‍රපට කර්මාන්තයක් ලෙස බොලිවුඩ චිත්‍රපට කර්මාන්තය බොහෝදෙනා හඳුන්වයි. බොලිවුඩයේ එක් මසකට චිත්‍රපට 10-12ත් අතර ප්‍රමාණයක් එළිදැක්වේ. මෙම මසට පමණක් චිත්‍රපට 08ක් එළිදැක්වීමට නියමිතව තිබේ. ඇතැම් නිර්මාණයන් සිදුකරන්නේ වාණිජමය වටිනාකමක් බලාපොරොත්තුවෙන් බව කීවත්, එම චිත්‍රපටයන් මුදල්මය අතින් අසාර්ථක වනු ඇත. ඇතැම් විට එවැනි චිත්‍රපට සඳහා නවක නළු නිළියන් ප්‍රධාන චරිත සඳහා යොදාගන්නා බැවින් එම චිත්‍රපට සඳහා ඇති ඉල්ලුම ඉතාමත් අඩු මට්ටමක පවතිනු ඇත.

2017-07-05-ent-144ඉදිරියේදීත් එවැනි චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. මෙහි ප්‍රධාන චරිතය සඳහා පණපොවනු ලබන්නේ ජැකී ශෙරොෆ්ගේ පුත් ටයිගර් ශෙරොෆ්ය. මෙහි ප්‍රධාන නිළිය ලෙස කටයුතු කරන්නේ Nidhhi Agerwal නම් නිරූපිකාවකි. Munna Michael නම් වූ මෙම චිත්‍රපටය එළැඹෙන 21 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. සබීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ රාජනි විසිනි. මෙම චිත්‍රපටය නර්තනය මූලික කොටගෙන නිර්මාණය වූවකි. Munna Michael චිත්‍රපටය සඳහා නිර්මාණය කර ඇති ගීත සංඛ්‍යාවක 10ක් බවයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ. ඉන්දියානු කෝටි 35ක වියදමකින් නිෂ්පාදනය වී ඇති මෙම චිත්‍රපටය කොතෙකුත් දුරට සාර්ථක වේවිද යන්න පිළිබඳ බොහෝදෙනා තුළ පවතින්නේ ප්‍රශ්නයකි.

මෙහි ප්‍රධාන නිළිය වන Nidhhi Agerwal ඉන්දියානු සිනමාව තුළ රංගනයෙන් දායක මංගල සිනමා නිර්මාණය වන්නේ Munna Michael චිත්‍රපටයයි. 24 වැනි වියේ පසුවන ඇය නිරූපණය ක්ෂේත්‍රය තුළ නමක් දිනු කෙනෙකු බවයි සඳහන් වන්නේ. 2014 වර්ෂයේදී Miss Diva ලෙස කිරුළු පැලඳීමට ඇය සමත්ව තිබේ. ඇය නිරූපණයට මෙන්ම නර්තනය සඳහාද දස්කම් දක්වන්නියක් වීම මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඇය තෝරා ගැනීමට හේතු වී තිබේ. විශේෂයෙන් ඇය බැලේ, කතක් සහ Belly dance සඳහා සුවිශේෂී දස්කම් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

Nidhhi මෙම චිත්‍රපටය සඳහා තොරාගෙන තිබෙන්නේ 2016 වර්ෂයේදී පැවැත්වූ නර්තන තරගයක් ඔස්සේය. එහිදී ඇයගේ නර්තන දක්ෂතාව පිළිබඳ පැහැදීමක් ඇති වූ මෙහි අධ්‍යක්ෂකවරයා වන සබීර් ඛාන් ඇයව සිය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරාගෙන ඇත. Nidhhi තෝරා ගැනීමට පෙර නවක නිරූපණ ශිල්පීන් මෙන්ම නර්තන ශිල්පීන් 300ක් මෙහි සම්මුඛ සාකච්ඡා සඳහා දායක වී ඇති බවයි සඳහන් වන්නේ.

Munna Michael හි ප්‍රධාන පිරිමි චරිතයට පණ පොවන ටයිගර් ශොරොෆ්ගේ 04 වැනි චිත්‍රපටය මෙයයි. ඔහුගේ නර්තන දස්කම් සහ සටන් ජවනිකාවල ඇති තාත්විකභාවය හේතුවෙන් මෙම චිත්‍රපටය සඳහා ඔහු තෝරාගත් බවයි සඳහන් වන්නේ. මෙම වර්ෂයේදී ටයිගර් රංගනයෙන් දායක වන එකම චිත්‍රපටයද මෙය වේ.

කෙසේවුවත් නවක නළු නිළියන් මෙම කර්මාන්තයට අවශ්‍ය වුවත් දැවැන්ත නිර්මාණ සඳහා නවක නළු නිළියන් යොදා ගැනීම පිළිබඳව බොහෝදෙනාගේ ඇත්තේ සෘණාත්මක අදහසකි.

 

 2017-07-05-ent-150 2017-07-05-ent-149 2017-07-05-ent-148  2017-07-05-ent-146 2017-07-05-ent-145