Neha Kakkar, හදිසියේම තමන් ගැබ්ගත් බව පවසා, ලෝකයක් ඇන්දූ හැටි එළියට එයි
ළඟදි දවසක විවාහ දිවියට පිවිසුණු බොලිවුඩයේ සුපිරි ගායිකාවක වන 'නේහා කක්කාර්' ගැබ් ගෙන ඇති බවට විවිධ වාර්තා පළ වුනා.
ඒකට හේතුව වුනේ ඇය විසින් මුහුණු පොතට එක් කර තිබුණු ඡායාරූපයක්.
කොහොම වුනත්, නේහා මේ ගැන නිශ්චිත සඳහනක් කර තිබුණේ නැහැ. ඔවුන්ට දසතින් සුබ පැතුම්ද එක්කර තිබුණු අතර, ඇගේ සැමියා වන රොහාන් ප්‍රීත් සිං ද ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුනේ, "දැන් මම වැඩි අවධානයක් ඇය වෙත යොමු කළ යුතු" බවයි.
කොහොම වුනත් මේ ප්‍රවෘත්තිය සාවද්‍ය එකක් බවයි දැන් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ නේහා නැවතත් අලුත්ම ඡායාරූපයක් ඇගේ මුහුණු පොතට එකතු කර තිබුනු නිසායි.
2020 දෙසැම්බර් මස 22 වැනි දින එළිදැක්වීමට නියමිත ඇගේ ගීත රූප රචනාවක් සඳහා ඇය මේ "උපක්‍රමය" භාවිතා කර ඇති බවයි සඳහන් වන්නේ.
එම ගීතය 'Khyaal Rakhya Kar' ලෙස නම් කර තිබෙනවා.
එහි ඡායාරූප පහතින් බලන්න.