Naomi Scott හා Will Smith සමගින් හොලිවුඩයට යළිත් එන ‘Alladin’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-18-ent-121

හොලිවුඩ් සිනමාවට සුවිශේෂී වසරක් වන මෙම වසරේ එළිදැක්වීමට නියමිතව ඇති චිත්‍රපට අතරින් මේ දිනවල කතාබහට ලක්වන චිත්‍රපටයක් තිබේ. දීර්ඝ ඉතිහාසයක් ඇති චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්විය හැකිය. 1917 වසරේදී නිර්මාණය වූ ’Aladdin and the Wonderful Lamp’ නම් චිත්‍රපටය ඔස්සේ මෙම ඇලඩින් සිනමා නිර්මාණයේ ආරම්භය විය. ඉන්පසු 1940 වසරේදී බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වූ ‘The Thief of Bagdad’ නම් චිත්‍රපටh එළිදැක්වීය. 1945 වසරේදී ‘A Thousand and One Nights’ නම් චිත්‍රපටය එළිදැක්වීය. 1960 වසරේදී මෙම චිත්‍රපටයේ ආභාසය බොලිවුඩ් සිනමාවට පිවිසියහ. ඒ 1960 වසරේදී ‘Aladdin’ නමින් චිත්‍රපටයක් එළිදැක්වීමෙනි. 1967 වසරේදී රූපවාහිනි කතා මාලාවක් ලෙස ඇලඩින්ගේ කතාංගය නිෂ්පාදනය කරන ලදී. 1979 වසරේදී ඇලඩින් නැවත නිෂ්පාදනයක් ලෙස දමිළ සිනමාව ඔස්සේ එළිදැක්විය. එය ‘Allauddinum Aibhutha Vilakkum’ නම් චිත්‍රපටයයි. 1985 වසරේදී ඇලඩින් කතාංගය මූලික කර ගනිමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කර ඇති බව සඳහන් වෙයි. 1990 වසරේදී නාට්‍යයක් වේදිකාගත වූ අතර, 2009 වසරේදී හින්දි කතාංගයක් ලෙස ඇලඩින් පුංචි තිරයට පිවිසෙන ලදී. 2013 වසරේදී බෙංගාලි චිත්‍රපටයක්ද නිර්මාණ වී තිබේ. එමෙන්ම පසුගිය වසරේ මෙම ඇලඩින්ගේ කතා තේමාව යටතේද අප රටේ චිත්‍රපටයක් නිර්මාණය විය. ඒ ‘ඇලඩින් සහ පුදුම පහනයි’.2019-01-18-ent-122

මෙවැනි දීර්ඝ ඉතිහාසයක් ඇති චිත්‍රපටයක් මෙම වසරේදී හොලිවුඩ් සිනමාව පෙරළියකට ගෙන ඒමට සූදානම් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. විල් ස්මිත් ප්‍රධාන චරිතය ඔස්සේ නිර්මාණය වන මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටය පසුගියදා අන්තර්ජාලයට එක් කරන ලදී. ඒ සමගින්ම මෙම චිත්‍රපටය සඳහා රසික අවධානය යොමුව තිබේ. මේ වසරේ මැයි 24 වැනිදා මෙම චිත්‍රපට එළිදැක්වීමට නියමිතව තිබේ. මෙහි භූතයාගේ චරිතයට පණ පොවනු ලබන්නේ හොලිවුඩ් නළු විල් ස්මිත් විසිනි. එමෙන්ම මෙම චිත්‍රපටයේ අවධානයට යොමු වන නිළියක් සිටියි.

ඇය නමින් ‘Naomi Scott’ ය. ගායිකාවක් ලෙස සුප්‍රසිද්ධියට පත් ඇය රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරනු ලබයි. එංගලන්තයේ උපන් ඇය මේ වන විට 25 වැනි වියේ පසුවෙයි. පුංචි තිරය ඔස්සේ රංගනයට පිවිසි ඇය, මේ වන විට සිනමා නිර්මාණ කිහිපයක් සඳහා රංගනයෙන් දායක වී තිබේ. 2008 වසරේ සිට 2009 දක්වා විකාශය වූ ‘Life Bites’ නම් රූපවාහිනි කතා මාලාව ඔස්සේ ඇය රංගනයට පිවිසියහ. ඉන්පසු ඇය 2011 වසරේදී විකාශය වූ ‘Lemonade Mouth’ නම් රූපවාහිනි කතා මාලාවට රංගනයෙන් දායක විය. 2011 වසරේදීම ඇය රංගනයෙන් දායක වූ ‘Terra Nova’ නම් රූපවාහිනි කතා මාලාවටද රංගනයෙන් දායක වී තිබේ. 2013 වසරේදී ඇය කෙටි චිත්‍රපට දෙකක් සඳහා රංගනයෙන් දායක විය. ඒ ‘Modern Love’ සහ ‘Our Lady of Lourdes’ නම් කෙටි චිත්‍රපට දෙකයි. 2013 වසරේදී ඇය ‘By Any Means’ නම් රූපවාහිනි කතා මාලාවට රංගනයෙන් දායක වූ අතර, 2014 වසරේදී ඇය නැවතත් කෙටි චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක විය. ඒ ‘Hello Again’ නම් කෙටි චිත්‍රපටයයි. ඇයගේ පළමු සිනමා නිර්මාණය වන්නේ 2015 වසරේදී තිරගත වූ ‘The 33’ නම් චිත්‍රපටයයි. එම චිත්‍රපටය ඔස්සේ සිනමාවට පිවිස ඇය එම වසරේදී තිරගත වූ ‘The Martain’ නම් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය. 2015 වසරේ සිට 2016 දක්වා පුංචි තිරයේ විකාශය වූ ‘Lewis’ නම් ටෙලි නිර්මාණය සඳහා ඇය රංගනයෙන් දායක විය. ඇය නැවත සිනමා නිර්මාණයක් ඔස්සේ දැක ගැනීමට අවස්ථාව උදා වන්නේ 2017 වසරේදී තිරගත වූ ‘Power Randers’ නම් චිත්‍රපටය ඔස්සේය. 2017 මෙම චිත්‍රපටය හේතුවෙන් ඇයව ‘Teen Choice Awards’ සම්මාන උළෙලේදී ‘Choice Sci-Fi Movie Actress’ සම්මානය සඳහා ඇයව යෝජනා විය. 2019 වසරේ කතාබහට ලක් වූ චිත්‍රපටයක් ලෙස එළිදැක්වීමට නියමිතව ඇති ‘Aladin’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඔස්සේද ඇයව දැක බලා ගැනීමට හැකියාව තිබේ.

රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඇය ගායිකාවක් ලෙසද ඉමහත් ප්‍රසිද්ධියක් ලබා තිබේ. ඇගේ පලමු ගීතය එළිදක්වන්නේ 2011 වසරේදිය. ‘Breakthrough’ නම් ගීතය UK, UK වැනි චාර්ට් ෂෝ වල ඇයගේ මෙම ගීතය ඉතාමත් ජනප්‍රියත්වයට පත්විය. 2011 වසරේදී ඇයගේ ගීත ඇල්බමය සම්පූර්ණ කිරීම සඳහා ඇය තවත් ගීත 03ක් එළිදැක්වීය. ඉන්පසු ඇය 2013 වසරේ මුල් කාලයේදී ගීත 07කින් යුත් ඇයගේ පළමු ගීත ඇල්බමය එළිදැක්වූ බව සඳහන් වෙයි. ගායිකාවක් ලෙස ඇය 2014 සිට 2017 දක්වා කටයුතු කරනු ලැබීය. ඇයගේ පළමු ගීත ඇල්බමය වන ‘Lemonade Mouth’ ගීත ඇල්බමය විශාල වශයෙන් ජනප්‍රිය වූ අතර,එම ගීත ඇල්බමයේ ඇති ගීත US UK වැනි රටවල ගීත ලැයිස්තුවල ජනප්‍රිය ගීත බවට පත්වූ බව සඳහන් වෙයි. 2018 වසරේදී ඇය ගීතයන් දෙකක් එළිදැක්විය. ඒ ‘Irrelevan’ සහ ‘So Low’ නම් ගීත දෙකයි. ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසද ආදරය දිනා ගත් ඇයගේ මෙම වසරේ රංගනය පිළිබඳව බොහෝ දෙනෙකු අවධානයෙන් සිටින බවයි සඳහන් වන්නේ. දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම ‘Alladin’ චිත්‍රපටය කොතෙකුත් දුරට සාර්ථක නිර්මාණය වේවිද යන කාරණාව මේ වන විට දැඩි කතාබහට ලක් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් වන්නේ. එම හේතුවෙන් එම චිත්‍රපටය එළිදක්වන තෙක් නොඉවසිලිමත්ව සිටින රසික පිරිසක් මේ වන විටත් දැක ගැනීමට හැකියාව තිබේ.

 

Dilan Chryshantha