M:I 06 වැන්නේ අලුත්ම තරුව Vanessa Kirby
"මිෂන් ඉම්පොසිබල්" චිත්රපට සහ ටෙලි නාටක මාලාවේ හයවැන්නද රූගත කිරීමට සැරසෙන බවහොලිවුඩයෙන් වාර්තා වෙයි. මෙහි රංගනයෙන් දායක වන ප්රධාන නිළිය යොවුන් නිළි වන වැනීසා කර්බි තෝරාගෙන තිබේ. විසිඅට වැනි වියෙහි පසුවන වැනීසා,මේ දැවැන්ත චිත්රපටයේ ප්රධාන චරිතයක් නිරූපණය කරන ප්රවීණ නළු ටොම් කෲස් සමග මේ චරිතය පිළිබඳ කිහිප වාරයක්ම සාකච්ඡා කළ බවද සඳහන් වෙයි. ටොම් කෲස් සුපුරුදු පරිදි ඊතන් හන්ට්ගේ චරිතයට පණ පොවන අතර, වැනීසාට ලැබෙන්නේ කලින් චිත්රපටවල ප්රධාන චරිතයක් වූ රෙබෙකා ෆර්ගසන්ගේ චරිතයයි. කෙසේ වෙතත් මේ චිත්රපටයේ වැනීසා රඟන රෙබෙකාගේ චරිතය ගැන වැඩි විස්තරයක් තවමත් හෙළි කර නොමැති අතර,මේ සටහන වැනීසා කර්බි පිළිබඳවය.
වැනීසාලන්ඩනය, එංගලන්තය සහ ඇමෙරිකාව යන රටවල් තුනේම කලින් කලට පදිංචි වූ අයෙකු බව සඳහන් වෙයි. 2009 වර්ෂයේ සිනමා ක්ෂේත්රයට ප්රවිෂ්ට වූ ඇගේ පළමු සිනමා නිර්මාණය වන්නේ Love / Loss චිත්රපටයයි. එම චිත්රපටය අසාර්ථක චිත්රපටයක් වන අතර, ඉන්පසු නැවත ඇයට සිනමා නිර්මාණයක් හිමිවන්නේ 2012දීය.ඒThe Rise නම් චිත්රපටය සඳහාය. එම චිත්රපටයෙන් පසුව ඇයට එම වර්ෂයේදී තවත් චිත්රපටයක් සඳහා අවස්ථාව හිමිව තිබේ. ඒ 2013 වර්ෂයේදී තිරගත වූ Charlie Countrymanචිත්රපටය සඳහායි. ඇය 2011 වර්ෂයේදී රූපවාහිනී කතාමාලා සඳහා යොමුවන ඇය,The Hour සහ Great Expectations නම් රූපවාහිනී කතාමාලා සඳහා දායක වෙයි. ඉන්පසු ඇය Labyrinth නම් රූපවාහිනී කතාමාලාව සඳහා 2012 වර්ෂයේදී දායක වෙයි. ඇය නැවතත් 2013 වර්ෂයේදී Charlie Countryman සහ About Timeචිත්රපටවලටදායක වී තිබේ. මෙම චිත්රපට දෙකම ආදායම් වාර්තා අතරටතැබීමට සමත් වෙයි.2014 වර්ෂයේදී ඇය රංගනයෙන් දායක වූ ආදායම් ලැබූ චිත්රපටයක් ලෙස හඳුන්වන්නේ Queen & Country චිත්රපටයයි.
2014 වර්ෂයේදී ඇය National Theatre Live නම් රූපවාහිනි කතාමාලාවට දායක වෙයි. කතාමාලා 06කින් සමන්විත මෙම රූපවාහිනී කතාමාලාව ආරම්භ වූයේ 2009 වර්ෂයේදීය. මැය දායක වූයේ පස්වැනි කතාමාලාව සඳහාය.
2015 වර්ෂයේදී සහ 2016 වර්ෂයේදී ඇය චිත්රපට 06ක් සඳහා දායක වී තිබේ. මෙම වර්ෂය සඳහා ඇයට කිසිදු චිත්රපටයක් ලැබී නැතත්, 2016 වර්ෂයේදී තිරගතවූ Me Before You චිත්රපටය ඇගේ හොඳම චිත්රපටය ලෙස ඇය හඳුන්වයි. එම චිත්රපටය බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණි චිත්රපටයක් ලෙසද සැලකෙයි. ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක වියදමකින් නිපදවා ඇති එම චිත්රපටයේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලිනය 207.9කි. ඊට අමතරව ඇය 2015 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා රූපවාහිනී කතාමාලා තුනක් සඳහා දායක වී තිබේ.
ඇගේ අලුත්ම නිර්මාණය වන්නේ මිෂන් ඉම්පොසිබල් හයවැන්නයි. "මිෂන් ඉම්පොසිබල් - 6" චිත්රපටයේ අධ්යක්ෂවරයා ක්රිස්ටෝපර් මැකෝරිය.
මෙය, 2018 වර්ෂයේ ජූලි මාසයේ සිට තිරගත කිරීමට දැනටමත් තීරණය කර තිබේ. නමුත් මෙම චිත්රපටයේ ප්රධාන නළුවා වන ටොම් කෘස් වැනීසාට එතරම් කැමැත්තක් නොදැක්වීම මෙම චිත්රපටයට කොතරම් බලපාවිද යන්න බොහෝ දෙනාට ඇති ගැටලුවකි.
Dilan Chryshantha