‘Men In Black’ අලුත් කරන ‘රෙබේකා’
‘MIB’ නොහොත් ‘Men In Black’ චිත්‍රපට මාලාව ලෝකයේ බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් චිත්‍රපට මාලාවකි. 1997 වසරේදී තිරගත වීම ආරම්භ වූ ‘Men In Black’ චිත්‍රපටය මේ වනවිට හොලිවුඩ් සිනමාවේ වෙනත් දිශාංශයක් පෙන්නුම් කළ චිත්‍රපටයකි.
2002 වසරේදී එහි දෙවැන්න ලෙස ‘Men in Black II’ චිත්‍රපටය එළිදැක්වීමත් සමගින් මෙය මූලම්‍ය අතින්ද සාර්ථක චිත්‍රපට මාලාවක් බවට පැවසීමට බොහෝ සාධකයන් මූලික විය. මෙම චිත්‍රපටයේ ඇති සාර්ථකත්වය හේතුවෙන් මෙහි තෙවැනි චිත්‍රපටයක්ද නිෂ්පාදනය කෙරිණි. ‘Men In Black 3’ ලෙස නම් කෙරුණු එම චිත්‍රපටය 2012 වසරේදී තිරගත විය.
එම චිත්‍රපටය තිරගත වූයේ 10කට පසුව වන අතර, දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති මෙම චිත්‍රපටයේ නවතම චිත්‍රපටය මෙම වසරේදී එළිදැක්වීමට නියමිතව තිබේ. ‘Men in Black: International’ නම් මෙම චිත්‍රපටය මෙම වසරේ ජුනි 14 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ.
මෙම නවතම චිත්‍රපටයට පෙර තිරගත වූ චිත්‍රපටයන් තුනෙහිම ප්‍රධාන චරිතයට පණපොවනු ලැබුවේ ටොමි ලී ජෝනස් සහ විල් ස්මිත්ය. නමුත් එළිදැක්වීමට නියමිතව ඇති චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙනස් වීම පිළිබඳව බොහෝ දෙනෙකු සිටින්නේ විස්මිත වී බවට වාර්තාවේ. පසුගියදා ‘Men in Black: International’ චිත්‍රපටයේ ප්රචාරක පටය එළිදැක්වීමත් සමගින් මෙම චිත්‍රපටය පිළිබඳව අවධානය යොමුවිය. විල් ස්මිත් වෙනුවට මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හැඩ කරනු ලබන්නේ ක්‍රිස් හෙම්ස්වර්ත් විසිනි.
එමෙන්ම ‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාව ඔස්සේ ජනාදරයට පත් රෙබේකා ෆේර්ගුසන් මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙයි. දශක ගණනාවක් ජනප්‍රියත්වයට පත්වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත මෙලෙස වෙනස් වීම පිළිබඳව බොහෝ දෙනා විස්මයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගියදා එළිදැක්වූ මෙහි ප්රචාරක පටයත් සමගින් මෙම චිත්‍රපටය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ගොඩනැගී තිබුණි.
රෙබේකා ෆේර්ගුසන් යනු ‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාව ඔස්සේ ජනාදරයට පත් රංගන ශිල්පිනියෙකි. ස්විඩීන ජාතිකයෙකු වන ඇය හොලිවුඩ් සිනමාවට පිවිසෙනුයේ 1999 වසරේදීය. ඒ රූපවාහිනි කතාමාලාවක් ඔස්සේය. ඇය සිනමා නිළියක් වීමට ප්‍රථම පුංචි තිරය ඔස්සේ කලා කටයුතුවලට දායක වී තිබේ.
1999 වසරේදී විකාශය වූ ‘Nya tider’ නම් රූපවාහිනී කතාමාලාව ඔස්සේ ක්ෂේත්රයට පිවිසි ඇය 2000 වසර දක්වා ඇය එම කතාංගයේ රංගනයෙන් දායක විය. ඉන්පසු ඇය නැවත ටෙලි නිර්මාණයක් වන ‘Ocean Ave’ නම් කතාමාලාවට දායකවිය. එම කතාංගයේ කොටස් දෙකකට පමණක් ඇය රංගනයෙන් දායක වී ඇති බවට සඳහන් වේ. ඉන්පසු ඇය එම කතාංගයෙන් ඉවත් ව තිබේ.
2004 වසරේදී ඇය සිනමාවට පිවිසෙනු ලබන්නේ ‘Drowning Ghost’ නම් චිත්‍රපටය ඔස්සේය. එම චිත්‍රපටය මගින් ඇයට සිනමාවට පිවිසීමට අවස්ථාව උදා වී තිබේ. 2004 වසරෙන් පසුව ඇය රංගනයෙන් කිසිඳු නිර්මාණයන් සඳහා දායක නොවූ අතර, 2008 වසරේදී ඇය නැවත රංගනයට පැමිණෙනු ලබන්නේ එම වසරේදී විකාශය වූ ‘Wallander’ නම් රූපවාහිනී කතාමාලාව ඔස්සේය.
ඉන්පසු ඇය 2011 වසරේදී තිරගත වූ ‘A One – Way Trip to Antibes’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය. 2013 වසරේදී ඇය නැවතත් සිනමා නිර්මාණයක් සඳහා දායක වුවද ඇයට ඒවන තෙක් ප්‍රධාන චරිතය පණ පෙවීමට අවස්ථාව නොලැබුණි. නමුත් 2014 වසරේදී තිරගත වූ ‘Hercules’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවීමට ඇයට අවස්ථාව උදාවිය.
2015 වසරේදී ඇයට ‘Mission:Impossible - Rouge Nation’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හැඩ කිරීමට අවස්ථාව උදාවිය. එහි සුපිරි හොලිවුඩ් නළු ටොම් කෘස් සමගින් ප්‍රධාන රංගනයෙන් ඇය දායක විය. එම චිත්‍රපටය ඇයගේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂය ලෙස හැඳින්වේ. 2015 වසරේදී ඇය සම්මානයකින් පිදුම් ලැබීය. ඒ 2015 වසරේ පැවැති ‘Buffalo Internation Fulm Festival’ හිදී ‘Breakthrough Performer’ යන සම්මානයෙනි.
2016 වසරේදී ඇයට සිනමා නිර්මාණ තුනක් සඳහා දායක වීමට අවස්ථාව උදාවූ අතර, ඒ සෑම චිත්‍රපටයකම ඇය ප්‍රධාන භූමිකාවට පණ පෙවීය. 2016 වසරේදී පැවැති ‘Buffalo International Film Festival’ හිදී ‘Best Actress in a Leading Role’ සම්මානයෙන්ද ඇය පිදුම් ලැබීය. ඊට අමරතව එම වසරේ පැවැති ‘Califonia Independent Film Festival’ හිදී ‘Best Actress’ සම්මානයෙන්ද ඇය පිදුම් ලැබීය.
2017 වසරේදී ඇය චිත්‍රපට තුනක් සඳහා රංගනයෙන් දායක වූ අතර, එම වසරේදී තිර ගත වූ ‘The Snowman’ චිත්‍රපටය ඔස්සේ බොහෝ දෙනෙකු ඇගේ රංගන හැකියාව අගය කළේය. රංගන ක්ෂේත්රය තුළ කැපී පෙනෙනෙ චරිතයක් වෙමින් ඇය හොලිවුඩ් සිනමාව මේ වනවිට ජයගෙන තිබේ.
පසුගිය වසරේ ඇය රංගනයෙන් දායක වූ ‘Mission : Impossible – Fallout’ චිත්‍රපටය මූල්‍යමය වාර්තා අතරට පැමිණමින් ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් විය. මෙම වසරේදී, ඇය රංගනයෙන් දායක වන චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතව තිබේ. ඒ ‘Men in Black : International’ චිත්‍රපටය සහ ‘Doctor Sleep’ යන චිත්‍රපටයි.
කෙමෙන් කෙමෙන් හොලිවුඩ් සිනමාව ජයගනිමින් මේ වනවිට සාර්ථක නිළියක් වූවත් ඇය, තමන්ගේ සිනමා මග පිළිබඳව තවමත් තෘප්තිමත් නොවී සිටීම ඇයගේ ජයග්‍රහණ ගමනට මුල බව ඇයගේ මතයයි.
Dilan Chryshantha