lockdown කළ එංගලන්තයට ගිය සුපිරි නිළි ප්‍රියංකා චොප්රා මව සමඟ පොලිසියට කොටු වෙයි
ලෝක රූ රැජිනක් වූ නිසාම මුළු ලෝකයම හඳුනාගත් ප්‍රියංකා චොප්රා ලොව පුරා වඩාත් කතාබහට ලක් වුණේ ඇමරිකානු ගායක Nick Jonas එක්ක විවාහ වූ නිසයි. ප්‍රියංකා සැමියා සමඟ ඇමරිකාවේ පදිංචියට ගියත් ඇය මව හා සැමියා සමඟ එංගලන්තයේ ලන්ඩන් නුවරට ගොස් සිටිනවා. ඒ නිර්මාණ කටයුත්තක් සඳහා. එංගලන්තයේදී මොවුන්ට පසුගිය බදාදා දින අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ තුන්වැනි වතාවටත් එංගලන්තයම lockdown කිරීමත් සමඟයි.
ප්‍රියංකා lockdown නීති උල්ලංඝනය කරමින් චිත්‍රපට සැසියක් සඳහා කොණ්ඩය වර්ණ ගැන්වීමට හා කොණ්ඩය සකස් කරගැනීම සඳහා රූපලාවන්‍යගාරයකට ගොස් තිබෙනවා. ඒ ඇගේ මව සමඟයි. පොලිසිය විසින් ඇයව ප්‍රශ්න කර ඇති බවත් එහිදී චිත්‍රපටයක් රූගත කිරීම සඳහා සම්බන්ධ වීමට අවශ්‍ය සෞඛ්‍ය නීති සහිත අවසරපත්‍ර ඇය සතුව තිබු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දීර්ඝ ප්‍රශ්න කිරීමකින් පසුව ඇයව හා මවව මුදා හැර ඇති බවත් කිසිදු අයුරකින් දඬ මුදලක් ගෙවීමට සිදු නොවූ බවත් පැවසෙනවා.