Iron Fist එක්ක කරළියේ ඉන්න නිළි දෙපළ
හොලිවුඩ් සිනමාව මෙන්ම රූපවාහිනී කර්මාන්තය තුළද බිහිවන නිර්මාණයන් අතිවිශාල ලෙස ජනප්‍රියත්වයට පත්ව තිබේ. පසුගිය වසර වලදී රූපවාහිනී ටෙලි නිර්මාණ කර්මාන්තයද විශාල ලෙස ලබා ඉපැයූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගේම් ඔෆ් ත්‍රෝන්ස් රූපවාහිනී කතාමාලාවද විශාල ලෙස ආදායම් ඉපයූ අතර, ඒ සඳහා විශාල පිරිවැයක් යෙදවූ බවද සඳහන් වේ. එමෙන්ම පසුගිය වසරේ විකාශය වූ රූපවාහිනී කතාමාලාවක් මේ වන විට විශාල ජනප්‍රියත්වයක් ලබා තිබේ. ඒ මාර්වෙල් සමාගම විසින් නිර්මාණය කරනු ලැබූ ‘අයන් විස්ට්’ රූපවාහිනී කතාමාලාවයි.
2017 වසරේ එහි පළමු අදියර අවසන් වූ අතර, මෙම වසරේ පෙබරවාරි අවසානයේදී එහි දෙවැනි අදිරය විකාශය වීමට නියමිතය. නෙට්ෆිල්ස් සමාගම මේ වෙනුවෙන් නිෂ්පාදන පිරිවැය දරනු ලබයි. මාර්වෙල් සමාගම විසින් චිත්‍රපට සඳහා කොමික් චරිත උපයෝගී කරගනු ලබන අතර, මෙම රූපවාහිනී කතාමාලාව සඳහාද කොමික් චරිත උපයෝගී කර ගනු ලබයි. අන්තර්ජාල කතාමාලාවක් ලෙස මෙම රූපවාහිනී කතාමාලව නිර්මාණය කර තිබේ.
පළමු අදියරේ විකාශයත් සමගින් මෙම කතාමාලාවේ රංගනයෙන් දායක වන ප්‍රධාන චරිත දෙකක් වන ජෙසිකා හෙන්වික් සහ ජෙසිකා ස්ට්රොප් පිළිබඳව බොහෝදෙනාගේ අවධානය යොමුව තිබේ. 25 වැනි වියේ පසුවන ජෙසිකා හෙන්වික් පිළිබඳව පසුගිය වසරේ කතාබහට ලක්වූයේ ග්රේම්ස් ඔෆ් ත්‍රොන්ස් රූපවාහිනි කතාමාලාව හේතුවෙනි. එම කතාමාලාවේ නිමෙරියා සෑන්ඩ් චරිතය සඳහා පණ පෙවූ ඇය ක්ෂේත්රයට පිවිසෙනු ලබන්නේද රූපවාහිනී කතාමාලාවකිනි. 2009 වසරේ විකාශනය වූ රූපවාහිනී කතාමාලාවක් වන ‘ස්ප්රිට් වෝරියස්’ සඳහා ඇය රංගනයෙන් දායක විය. ඉන්පසු ඇය නැවත නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වන්නේ 2012 වසරේදීය. ඒ ‘ද ත්රික් ඔෆ් ඉට්’ නම් රූපවාහිනී කතාමාලාවයි. ක්ෂේත්රයට නවකයෙකු වූ හෙන්වික් නිර්මාණයන් තුළින් දැක ගැනීමට හැකියාව ලැබුණේ ඉතාමත් සීමිත ලෙසයි. 2012 වසරෙන් පසු නැවත ඇයට නිර්මාණයක් සඳහා දායක වීමට අවස්ථාව උදාවන්නේ 2014 වසරේදීය. ඒ ‘ඔබ්සෙෂන් ඩාර්ක් ඩිසයර්’ නම් කතාමාලාව සඳහායි.
එම කතාමාලාවෙන් පසුව ඇයට නිර්මාණ 02ක් සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා විය. ඒ ‘සිල්ක්’, ‘ලෙවිස්’ යන කතාමාලවන් දෙකයි. 2015 වසරේදී ඇයට සිනමාවට පිවිසීමට අවස්ථාව උදා විය. ඒ ‘ඩ්රැගොන්ෆ්ලයි’ නම් චිත්‍රපටය තුළිනි. හෙන්වික්ගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ නිර්මාණය වන්නේ ‘ගේම් ඔෆ් ත්‍රොන්’ රූපවාහිනී කතාමාලාවයි. ඇය එම කතාමාලාවේ 2015 සිට 2017 දක්වා විකාශය වූ සියලු කථාංග සඳහා රංගනයෙන් දායක විය. 2015 වසරේ හෙන්වික්ට දැවැන්ත සිනමා නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව උදාවිය. ඒ එම වසරේ තිරගත වූ ‘ස්ටාර් වෝර්ස් : ද ෆෝර්ස් අවේකන්ස්’ නම් චිත්‍රපටයයි. 2017 වසරේ ඇයට රූපවාහිනී කතාමාලාවන් 04 ක් සඳහා රංගනයෙන් දායක වීමට වරම් හිමිවිය. ඒ අතරින් මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ‘අයන් ෆිස්ට්’ නම් රූපවාහිනී කතාමාලාව සඳහාය.
‘අයන් ෆිස්ට්’ කතාමාලවේ ප්‍රධාන නිළියන් අතරින් දෙවැනි තැන හිමිවන්නේ ජෙසිකා ස්ට්රොප් හටය. ඇය සිනමාවේ මෙන්ම රූපවාහිනියේද කැපී පෙනෙන චරිතයක් වෙයි. 2005 වසරේ තිරගතවූ ’වැම්පයර් බැට්ස්’ නම් චිත්‍රපටය ඔස්සේ ඇය සිනමාවට පිවිස තිබේ. ඉන්පසු ඇයට එම වසරේදීම රූපවාහිනී කතාමාලාවක් සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව උදාවිය. 2006 වසරේ ඇය සිනමා නිර්මාණයන් 04ක් සඳහා රංගනයෙන් දායක විය. 2007 වසරේදී ඇය රූපවාහිනී කතාමාලාවන් දෙකක් සඳහා රංගනයෙන් දායක විය. 2008 වසරේ ඇය ‘ප්‍රොම් නයිට්’ නම් චිත්‍රපටයට දායක වූ ස්ට්රොප්, 2009 දී ‘හෝම්කමින්’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය. 2009 වසරෙන් පසුව ඇය සිනමාවෙන් සහ රූපවාහිනිය තුළින් තාවකාලිකව ඉවත් විය. ඇය නැවත සිනමා නිර්මාණයකට දායක වන්නේ 2012 වසරේ ‘ටෙඩ්’ නම් චිත්‍රපටය සඳහාය.
එමෙන්ම 2011 වසරේ විකාශය වූ ‘ෆැමිලි ගායි’ නම් රූපවාහිනී කතාමාලාවටද ඇය රංගනයෙන් දායක විය. 2012 වසරෙන් පසු ඇය සිනමා නිර්මාණයක් ඔස්සේ දැක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ 2016 දී තිරගත වූ ’ජැක් රීචර් : නෙවර් ගෝ බැක්’ නම් චිත්‍රපටය ඔස්සේය. 2014 සිට 2015 දක්වා ‘ද ෆලොවින්’ නම් රූපවාහිනී කතාමාලාවටද දායක වූ අතර, 2017 වසරේ සිට ‘අයන් ෆිස්ට්’ රූපවාහිනී කතාමාලවට දායක වී තිබේ.