Irfan Khanගේ රෝගය හඳුනා ගනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දීය නළු Irfan Khan පසුගියදා හදිසියේ රෝගාතුර වූ පුවත සමස්ථ ඉන්දීය සිනමාලෝලීන් කණස්සල්ලට පත් කරවන්නක් වුනා. ඔහු හදිසියේ රෝගී වී රෝහල්ගත කොට තිබුණා. ඔහුගේ රෝගී තත්වය කුමක්දැයි නිශ්චිතව නිගමනය කොට නොමැති බවත් නමුත් “rare disease” එකක් බවත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔහු සිය twitter ගිණුමේ මේ බව සටහන් කර තිබුනා. කෙසේ නමුත් මේ වන විට අදාළ පරීක්ෂණ වාර්තා සියල්ල ලැබී අති බවත් ඔහුගේ රෝගී තත්වය කුමක්දැයි නිශ්චිතව හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඔහුට වැළඳී ඇත්තේ “Neuroendocrine Tumor” නමැති රෝගය බව වාර්තා වෙනවා. මේ අසීරු අවස්ථාවේ තමාවෙත සැමගෙන් ලැබෙන ආදරය ආශිර්වාදය ඉතා අගයකොට සලකන බවත් ඔහු ටිවිටර් පණිවිඩයකින් සඳහන් කර තිබෙනවා. තවද වැඩිදුර ප්‍රතිකාර සඳහා Irfan විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

images