IPL තරගාවලියේදී සනී ලියොන්ටත් වැඩක්
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් (chear girls) කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සරාගී නිළියක වන සනී ලියොන්ට පැවරී ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනු ලබනවා.
ඒ අනුව මෙවර තරගාවලියේදී හින්දි ගීතවලට ඇය නර්ථනයේ යෙදීමට නියමිත බවත්, ඒ සඳහා ඇයට විශාල මුදලක් ගෙවූ බවද සඳහන් වෙයි.
සනී ලියොන් මෙම තරගාවලියට එක්වීම තුලින් තරගවලට පවතින ප්‍රේක්ෂක ආකර්ෂණය ද ඉහළ යනු ඇති බවටයි ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ. ඒ අනුව ඇය බොහෝ දුරට රෝයල් චැලේජ්ජස් බැංගලෝර් කණ්ඩායමේ තරගවලට පමණක් යොදා ගැනෙනු ඇතැයි ද වාර්තා පළවී තිබෙනවා.
ඒ වෙනුවෙන් සනී ලියොන් අයකර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 5 ක් බවද සඳහන් වෙනවා.