IIFA Awards 2018
ඉන්දියානු සිනමාවේ නිෂ්පාදනය වන නිර්මාණ ඇගයීමේ සහ බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් කරනු ලබන කාර්යය වෙනුවෙන් පවත්වනු ලබන The International Indian Film Academy (IIFA) සම්මාන රාත්‍රිය පසුගියදා බැංකොක්හිදී පැවැත්විණි. ඉතාමත් උත්කර්ෂවත් වූ රාත්රියක්වනමෙමසම්මානරාත්රියවිශාලප්රේක්ෂකසහරංගනශිල්පීන්ගේසහභාගිත්වයෙන්පැවැත්විණි. මෙහිසම්මානඋළෙලෙහිදීමෙලොවින් සමුගත් ශ්රීදේවිටද සම්මානයක් හිමි වූ අතර, එය ඇගේ ස්වාමිපුරුෂයා වන බොනී කපූර් ලබා ගත්තේය. මෙම සම්මාන රාත්‍රියේ සම්මාන බෙදී ගියේ මේ ආකාරයෙනි.
- හොඳම චිත්‍රපටය - ‘Tumhari Sulu’ චිත්‍රපටය
- හොඳම නිළිය - ශ්‍රී දේවි (Mom චිත්‍රපටය)
- හොඳම නළුවා - ඉර්ෆාන් ඛාන් (Hindi Medium චිත්‍රපටය)
- හොඳම සහාය නළිය - මෙහෙර් විජ් (Secret Superstar චිත්‍රපටය)
- හොඳම සහාය නළුවා - නවස්සුඩින් සිද්ධික් (Mom චිත්‍රපටය)
- හොඳම අධ්යක්ෂ - සාකෙත් චෞදරි (Hindi Medium චිත්‍රපටය)
- කැපී පෙනෙන නළුවා - අනූපම් කේර්
- හොඳම කතා තේමාව - අමිත් වී මසූකර් (Newton චිත්‍රපටය)
- හොඳම සංගීත අධ්‍යක්ෂණය - අමාල් මලික්, ටනිෂ්ක් බග්චි, අකිල් සච්දේවා (Badrinath Ki Dulhaniaචිත්‍රපටය)
- හොඳම පසුබිම් සංගීතය - ප්‍රීතම් (Jagga Jasoos චිත්‍රපටය)
- හොඳම තිර රචනය - නිතේෂ් තිවාරි, ශ්‍රෙයාස් ජෙයින් (Bareilly Ki Barfi)
- හොඳම පසුබිම් ගායිකාව - මෙග්නා මිශ්රා - (Main KaunHoonගීතය - Secret Superstar චිත්‍රපටය)
- හොඳම පසුබිම් ගායකයා - අර්ජිත් සිංග් (Hawayeinගීතය- Jab Harry Met Sejal චිත්‍රපටය)
- හොඳම ගීත පදරචනය - නුස්රාත් ෆෙත් අලි සහ මනෝජ් මුන්ටශිර් (Mere Rashke Qamar ගීතය - Baadshaho චිත්‍රපටය)
- හොඳම නර්තන රචනය - විජේ ගංගුලි සහ රූල් ධූසන් වරින්දානි (Galti Se Mistake ගීතය - Jagga Jasoos චිත්‍රපටය)
- වසරේ විලාසිතා තරුව - ක්‍රිතී ෂැනොන්