Harry Potter සමග නැවතත් 'එමා වොට්සන්'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-28-ent-73  

බොහෝ දෙනෙකුගේ ළමා කාලයේ වීර කතාවක් වූ හැරී පෝටර් චිත්‍රපටයේ නවතම චිත්‍රපටය පිළිබඳ නැවත කතාබහක් ඇති වී තිබේ. ඒ මේවනවිට යූටියුබ් ජාලය ඔස්සේ එහි ප්‍රචාරක පටය ලෙස නම් කර ඇති Harry Potter and the Cursed Child ප්‍රචාරක පටය නිකුත් වීමත් සමගිනි. 2019 වසරේදී එළිදැක්වීමට නියමිතචිත්‍රපටයක් ලෙසද එම ප්‍රචාරක පටය මගින් එය හඳුන්වා දී තිබේ. ඊට අමතරව ඇතැම් විදෙස් පුවත් සඳහන් කරන්නේ, හැරීපෝටර්මෙමකතාංගයවේදිකාවමතප්‍රදර්ශනයකිරීමටනියමිතබවයි.2018-06-28-ent-74

කෙසේ වුවදමේ සමගින් හැරී පෝටර් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයක් වූ හර්මයිනි (එමා වොට්සන්) පිළිබඳවද කතාබහට ලක්ව තිබේ. ඒ ඇයතමට්විටර්ගිණුමේතැබූ සටහනක් සමගිනි.

මෙහි ප්‍රධාන චරිතය වනඑමා වොට්සන් ප්‍රසිද්ධිය පත්වූයේ හැරි පෝටර් චිත්‍රපට මාලාව ඔස්සේ ගොඩ නැගුණු හර්මයිනි ග්‍රේන්ජර් චරිතය ඔස්සේය. හැරී පෝටර් චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය වූ 2001 වසරේ එළිදැක්වූ Harry Potter and the Philosopher's Stoneඔස්සේ එමා වොට්සන් සිනමාවට පිවිසියාය. එතැන් පටන් ඇය%හර්මයිනි^ චරිතය ඔස්සේ බොහෝ දෙනෙකුගේ ආදරයට පාත්‍ර විය. ඒ හේතුවෙන් 2002 වසරේ එළිදැක්වූ Harry Potter and the Chamber of Secrets චිත්‍රපටයේද ප්‍රධාන චරිතයට ඇයට අවස්ථාව උදා විය. මෙහි රංගනයෙන් පසුව ඇය මෙම චිත්‍රපට මාලාවේ චරිතය ඔස්සේ බොහෝ දෙනෙකුගේ හදෙහි තැන්පත් වූ රංගන ශිල්පිනියක් විය. 2004 Harry Potter and the Prisoner of Azkaban චිත්‍රපටයේද, 2005 වසරේ තිරගත වූ Harry Potter and the Goblet of Fire චිත්‍රපටයේද, 2007 වසරේ එළිදැක්වූ Harry Potter and the Order of the Phoenix චිත්‍රපටයටද ඇය රංගනයෙන්දායක විය. මෙම චිත්‍රපට මාලාව සඳහා ඇය සම්මානවලින්ද පිදුම් ලැබුවාය. 2007 වසරේ ඇයට තවත් චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා විය. ඒ Ballet Shoes නම් චිත්‍රපටයයි. හැරී පෝටර් චිත්‍රපට ඔස්සේ විශාල ජනප්‍රියත්වක් ඉසිලූ ඇය 2008 වසරේදී The Tale of Despereauxනම් චිත්‍රපටය ඔස්සේ තවත් කතාබහට ලක්විය. ඒ ඇයගේ හඬ කැවීමේ දක්ෂතාව හේතුවෙනි. ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ නිෂ්පාදනය වූ එම චිත්‍රපටයේ හඬකැවීම්ශිල්පිනියක ලෙස කටයුතු කළ ඇය,තමන්ගේ රංගන හැකියාවමෙන්ම, හඬකැවීමේ ගුණයද විශිෂ්ට ලෙස පෙන්වූවාය. 2009 වසරේදී තිරගත වූ Harry Potter and the Half-Blood Prince ඔස්සේ තමන්ගේ ආදරණීය රසිකයන් අතරට ගිය ඇය මෙම චිත්‍රපට මාලාවට අත්‍යවශ්‍ය චරිතයක් විය. 2010 දී තිරගත වූ Harry Potter and the Deathly Hallows – Part 1 සහ 2011 දී තිරගත වූ Harry Potter and the Deathly Hallows – Part 2 චිත්‍රපටයද බොහෝ ලෙස ජනප්‍රියත්වයට පත් වූ බව නොරහසකි. 2012, 2013, 2014 සහ 2015 වසරවලදී ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් තිබේ. කෙසේවුවද 2016 වසරේදී ඇය සිනමා නිර්මාණ සඳහා දායක නොවූයේයම් රෝගී තත්ත්වයක් වැලඳීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. කෙසේ නමුත් පසුගිය වසරේ (2017) තිරගත වූ Beauty and the Beast චිත්‍රපටය ඔස්සේ නැවත සිනමාවට පිවිසි එමා එම වසරේමThe Circle නම් චිත්‍රපටයටද රංගනයෙන් දායක වූවාය.

2018දී ඇයගේ රංගන හැකියාව දැක බලා ගැනීමට බොහෝදුරට අවස්ථාවක් නොලැබෙනු ඇති අතර, ඒ ඇය රංගනයෙන් දායක වන චිත්‍රපට මෙම වසරේ එළිදැක්වීමට නියමිත නොවන හෙයිනි.නමුත් හැරී පෝටර් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය 2019දී තිරගත වුවහොත් සුපුරුදු පරිදි හර්මයින් චරිතය ඔස්සේ ඇය දැකගැනීමට බොහෝ විට අවස්ථාව උදා වනු ඇත.

 

2018-06-28-ent-75