‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන ඉතිහාසය වෙනස් කළ ‘Gully Boy’
පසුගිය වසරේ ඉහළ ආදායමක් උපයාගන්නට සමත් වූ සෝයා අක්තාර්ගේ ‘ Gully Boy’ චිත්රපටය පසුගිය සති අන්තයේදී පැවැති 65 වැනි සම්මාන උළලේදී ප්රධාන සම්මාන සියල්ලම ඇතුළු සම්මාන 13ක් දිනා ගැනීමට සමත් විය. එය ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන ඉතිහාසයේ චිත්රපටයක් විසින් දිනාගත් ඉහළම සම්මාන ප්රමාණය මෙය වීම විශේෂත්වයකි.
මීට පෙර සම්මාන 11ක් දිනාගනිමින් මෙම වාර්තාවට හිමිකම් කීවේ සංජය ලීලා බන්සාලි විසින් අධ්යක්ෂණය කළ ‘බ්ලැක්’ චිත්රපටයයි. එය 2006 වසරේදී බොලිවුඩයේ ප්රදර්ශනය වූ චිත්රපටයකි. මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී වසරේ හොඳම චිත්රපටය, හොඳම අධ්යක්ණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නළුවා හා හොඳම සහය නිළිය ඇතුළු සියලු සම්මාන හිමිවූයේ ‘Gully Boy’ චිත්රපටයයි.