'ෆැම්නා' මුල් කවරය සරසන 'ගෞරි'
සැප්තැම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිත ‘ෆැම්නා’ සඟරාවේ මුල් කවරය මෙවර සරසන්නේ බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ බිරිඳ ගෞරි ඛාන්ය. මීට පෙර අවස්ථා කිහිපයකදීම ගෞරි, ෂාරුක් ඛාන් සමගින් සඟරාව කිහිපයකම මුල් කවරය සරසා ඇතිමුත්, ඇය තනිවම සඟරාවක මුල් කවරය සඳහා පෙනී සිටින පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.
‘ෆැම්නා’ මුල් කවරය වෙනුවෙන් පෙනී සිටින සිය බිරිඳ වෙනුවෙන් ෂාරුක් පසුගියදා සිය ‘ටිවිටර්’ ගිණුමේ සටහනක්ද තැබු අතර, එහි සඳහන්ව තිබුණේ ‘For us she is the Cover Mother…’ ලෙසිනි.