‘ෆැඩ්මැන්’ චිත්රපටයට අඩු වටිනාකමක්
ආදර්ශමත් චිත්රපටයක් ලෙස නිර්මාණය කළ පැඩ් මැන්’ චිත්රපටයට මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී අඩුවටිනාකමක් ලබාදී ඇත. චිත්රපටය ඉන්දියාවේ පමණක් නොව ලොවපුරාද අති සාර්තක වූ චිත්රපටයක් වන අතර, සෝනම් කපූර්, ආක්ෂේ කුමාර්. රාධිකා අප්තේගේ ඉහළ රංගනයක්ද මෙම චිත්රපටය තුළ දකින්නට ලැබුණි.
කෙසේ වෙතත්, ආක්ෂේ කුමාර් පමණක් හොඳම නළුවා ලෙස නිර්දේශයන් අතරට එක්ව තිබෙන අතර, වෙනත් කිසිදු සම්මානයක් සඳහා මෙම චිත්රපටයේ කිසිවෙකු නිර්දේශ වී නොමැති අයුරක් දකින්නට ලැබේ. ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක්ද මෙම චිත්රපටය විසින් උපයාගනු ලැබීය.