ෆාහාඩ් ෆාසිල්ට අනතුරු ඇගයිමක්
ජනප්‍රිය දකුණු ඉන්දිය සිනමා නළු ෆයාඩ් ෆාසිල්ට මේ වනවිට චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ එක්සත් සංවිධානය විසින් අනතුරු අඟවා තිබෙන පුවතක් වාර්තා වෙයි. මෙසේ ඔවුන් අනතුරු අඟවා ඇත්තේ ෆාහාඩ් රංගනයෙන් දායක වෙන චිත්‍රපට ඉදිරියේදි සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරිමට අවසර ලබා නොදෙන බවය.
එයට හේතුව වි ඇත්තේ ඔහුගේ චිත්‍රපට කිහිපයක්ම මේ වනවිට අන්තර්ජාල ප්‍රදර්ශනයට යොදවා ගෙන ඇති අතර, ඔහු ඊට අකමැත්ත පළ කර තිබිම නිසාවෙනි. ඔහු පවසන්නේ තම චිත්‍රපට ‘කොවිඩ්’ වසංගතය යම් තාක් දුරට පාලනය වූ පසුව ඒවා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරන්නට කටයුතු කරන ලෙසය. කෙසේ වෙතත්, මේ කාරණය හේතුවෙන් ෆාහාඩ් සිය චිත්‍රපට අන්තර්ජාලය තුළ ප්‍රදර්ශනය කිරිමට අවසර ලබාදි ඇති බවට තොරතුරු වාර්තා වෙයි.