ෆාතිමාගේ මිළඟ චිත්‍රපටයත් ‘ඛාන්’ නළුවෙක් සමග
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී තිරගත වූ යාශ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වූ ‘තග්ස් ඔෆ් හින්දුස්තානි’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය රඟපෑ ෆාතිමා සානා සයික් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය සූදානම් වෙමින් සිටින බව සඳහන් වේ.
‘තින්ට්රික්’ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ ෆාතිමා රංගනයෙන් දායක වෙන්නේ ජනප්‍රිය ‘ඛාන්’ නළුවෙකු වු සායිෆ් අලී ඛාන් සමගය. කෙසේ වෙතත්, සායිෆ් අලී ඛාන් පසුගිය වසර තුනක කාලය තුළදී රඟපෑ සියලු චිත්‍රපට අසාර්ථක ඒවා බවට පත්වූ අතර, ඔහු අවසන් වරට රංගනයෙන් දායක වූ ‘බෂිර්’ චිත්‍රපටයද සිය නිෂ්පාදිත මුදල හෝ සොයා ගැනීමට නොහැකි විය. ලැබෙන ආරංචි මාර්ගවලට අනුව ‘තින්ට්රික්’ චිත්‍රපටයේ සායිෆ්ට අමතරව අභිෂේක් බච්චන්ද උප චරිතයක් නිරූපණය කරන්නට යොදාගෙන ඇති බවය.