ෆාතිමා ෂානා අලුත් චිත්රපට දෙකක් අත්සන් කරයි
ලබන වසරේ තිරගත කිරිමට නියමිත අලුත් බොලිවුඩ් චිත්රපට දෙකක් සඳහා ජනප්රිය බොලිවුඩ් සිනමා නිළි ෆතිමා ෂානා සෙයික් අත්සන් තැබු බව වාර්තා වේ. ‘කොරෝනා’ වෛයිරසය හේතුවෙන් මෙම චිත්රපටවල වැඩ දැනට ආරම්භ නොවන අතර, බොහෝ විට ඔක්තෝබර් මස මුලදි මෙහි වැඩ කටයුතු අරඹනු ඇතැයි සානා පවසා ඇත.
අනුරාග් බාසුගේ ‘ලුඩෝ’ හා සුරාජ් පේගේ ‘මංගල් භාරි’ චිත්රපට දෙක සඳහා මෙසේ ෆාතිමා අත්සන් කළ අතර, ‘ලුඩෝ’ හි ඇය රාජ්කුමාර් රාඕ සමගද ‘මංගල් භාරි’ චිත්රපටයේ දුල්ජිත් දෝෂාන් සමගින් රංගනයෙන් දායක වෙයි. ෆාතිමා ‘දංගල්’ හා ‘තග්ස් හින්දුස්තනි’ චිත්රපට දෙක සඳහා පමණක් තවමත් රංගනයෙන් දායක වී තිබිම විශේෂත්වයකි.