ෆාතිමා ෂානා, අමිතාබ් එක්ක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-17-ent-44

‘දංගල්’ චිත්‍රපටයේ ‘ගීතා’ චරිතය නිරූපණය කළ ෆාතිමා ෂානා ඉදිරියේදී රූපගත කිරීමට නියමිත ‘හින්දොස්තාන්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ලැබි ඇතැයි වාර්තා වෙනවා. ඇය මෙහි අමිතාබ් බච්චන් හා අමිර් ඛාන් සමගින් ප්‍රධාන චරිතයක් සඳහා දායකවීමට නියමිතයි. ඉහළ ආදායමක් උපයා ගත් ‘දංගල්’ චිත්‍රපටය හරහා ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ ෆාතිමා, මේ වනවිට 25 වැනි වියෙහි පසුවනවා. ෂාරුක් හා කාජල් පෙනී සිටි ‘වන් ටු කා ෆෝ’ බොලිවුඩ් චිත්‍රපටයේ සුළු චරිතයක් නිරූපණය කරමින් බොලිවුඩ් සිනමාවට පිවිසි ෆාතිමා, වඩාත් ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට සමත්වුයේ ‘දංගල්’ චිත්‍රපටය තුළිනි.

 

2017-05-17-ent-46  2017-05-17-ent-45