'හෝම් අලෝන්' නළුවාගේ කඳුළු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-19-ent-62

‘හෝම් අලෝන්’ චිත්‍රපටය මගින් බොහෝ ආදරයට පත් වූ මැක්‍යුලේ කුල්කින් පිළිබඳව නැවත කතාබහක් ඇතිව තිබේ. ඒ ඔහුගේ සිනමා නිර්මාණයක් මෙම වසරේ එළිදැක්වීමට නියමිත බැවිනි. අවුරුදු තුනක කාලයක් සිනමාවෙන් ඉවත්ව සිටි ඔහු මෙම වසරේ සිනමාවට පිවිසෙන්නේ ‘චේන්ජ්ලෑන්ඩ්’ චිත්‍රපටයත් සමගිනි. මේ කාරණාවත් සමග ඔහුගේ ජීවිතයේ ළමා කාලයේ ඇති කටුක මතකයක් පිළිබඳව ඔහු අවධාරණය කරනු ලැබීය. ඔහුගේ ළමා කාලය එතරම් සුන්දර නොවන බවයි ඔහු පැවසුවේ.

ඔහුගේ පියා කායිකව සහ මානසිකව ඔහුට පීඩා කර ඇති බව පවසා තිබේ. ඔහුගේ ශරීරයේ ඇති කැළැල් ඒ සඳහා සාක්ෂි දරණ බවද ඔහු පවසයි. මෙම චෝදනා පිළිබඳව ඔහුගේ පියාගෙන් බොහෝ දෙනා ප්‍රශ්න කෙරූ නමුත් ඒ සඳහා පියා කිසිදු පිළිතුරක් ලබා දී නොමැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේවුවත් මැක්‍යුලේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු බවද විදෙස් මාධ්‍ය විසින් අවධාරණය කර සිටී.