හොලිවුඩ් සිනමාවට පිවිසි සිටින ඉන්දියානු නිළිය Freida Pinto
ළමා චිත්‍රපට අතරින් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන චිත්‍රපටයක් ලෙස ‘ජන්ගල් බුක්’ හැඳින්විය හැකිය. ග්රන්ථයක් ඔස්සේ නිර්මාණය වෙමින් මේ වනවිට දැවැන්ත සිනමා නිර්මාණයක් දක්වා මෙම චිත්‍රපටය පැමිණ තිබේ. 1967 වසරේදී නිර්මාණය වූ පළමු චිත්‍රපටය රුඩ්යාර්ඩ් කිප්ලින් රචිත ‘ද ජන්ගල් බුක්’ නම් ග්‍රන්ථය ඇසුරෙන් නිමවුණි. 2003 වසරේදී ‘ ද ජන්ගල් බුක් 2’ චිත්‍රපටය එළිදැක්වූ අතර, 2016 වසරේදී ‘ද ජන්ගල් බුක්’ නමින් තවත් චිත්‍රපටයක් එළිදැක්වීය. මෙම චිත්‍රපට වලට අමතරව ත්‍රිමාණ චිත්‍රපට මාලාවක්ද එළිදැක්විය. ඒ 1990 – 1991 දක්වා රූපවාහිනි කතාමාලාවක් ලෙස ‘ටෙලිස්පින්’ නමින්ද, 1996 – 1998 දක්වා ‘ජන්ගල් කුබ්ස්’ ලෙසද එළිදැක්විය. මෙපමණ දීර්ඝ ඉතිහාසයක් ඇති චිත්‍රපටයේ නවතම පෙරළිය මෙම වසරේ ඔක්තෝබරයේ එළිදැක්වීමට නියමිතව තිබේ. ඒ ‘මොවුග්ලි’ නම් චිත්‍රපටයයි. 1967 වසරේ රුඩ්යාර්ඩ් කිප්ලින් විසින් රචිත ග්‍රන්ථය ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය වෙයි. මෙම චිත්‍රපටයේ විශේෂ කාරණාවක් තිබේ. මෙය හොලිවුඩ් නිර්මාණයක් වුවත්, මෙහි ප්‍රධාන චරිතය හැඩ කරනු ලබන්නේ බොලිවුඩ් නිළියකි. ෆීඩා පින්ටෝ නම් මෙම නිළිය හොලිවුඩ් සිනමාවට පිවිසෙන්නේ ලෝකප්‍රසිද්ධ චිත්‍රපටයක් වන ‘ස්ලම්ඩෝග් මිලියනර්’ නම් චිත්‍රපටය ඔස්සේය.
1984 වසරේ උපන් ඇය විශාල වශයෙන් රංගන දායකත්වය ලබා දී ඇත්තේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය චිත්‍රපටය සඳහාය. මුම්බායි හි St’ Xavier’s College හි ඉගෙනුම ලබා ඇති ඇය සිය උපාධියෙන් පසුව නිරූපිකාවක් ලෙස කටයුතු කර තිබේ. එමෙන්ම රූපවාහිනී නිවේදිකාවක් ලෙසද කටයුතු කර ඇති ෆීඩා 2008 වසරේ බොහෝ ප්‍රසිද්ධියට පත් බ්‍රිතාන්‍ය කතාමාලවක් වන ‘ස්ලම්ඩෝග් මිලියනර්’ ඔස්සේ ඉමහත් ප්‍රසිද්ධියට පත්විය. මෙම නිර්මාණය ඔස්සේ ඇය ‘British Academy Film Awards’ හි සම්මානයන් සඳහාද නිර්දේශ විය. 2006 වසරේ ඇය රූපවාහිනී වැඩසටහනක් වන ‘Full Circle’ සඳහා සහභාගී විය. ‘ස්ලම්ඩෝග් මිලියනර්’ හේතුවෙන් 2009 වසරේදී ඇයට සම්මාන දෙකක් හිමිකර ගැනීමට අවස්ථාව උදාවිය. ඒ, Palm Springs International Film Festival හිදී ‘Breakthrough Performance’ සම්මානය හා Screen Actors Guild Awards හි Outstanding Performance by a Cast in a Motion Picture සම්මානයයි. 2010 වසරේ ෆීඩා තවත් සිනමා නිර්මාණ දෙකක් ඔස්සේ දැකබලා ගැනීමට අවස්ථාව උදාවිය. ඒ You Will Meet a Tall Dark Stanger නම් සිනමා නිර්මාණය සහ Miral නම් සිනමා නිර්මාණයයි.
2011 වසරේ ඇය චිත්‍රපට 4ක් සඳහා රංගනයෙන් දායක විය. 2011 වසරේ තිරගත වූ Rise of the Planet of the Apes චිත්‍රපටය ඇය රංගනයෙන් දායක වූ අනෙකුත් චිත්‍රපටවලට සාපේක්ෂව ඉතාමත් ප්‍රසිද්ධියට පත්විය. Rise of the Planet of the Apes චිත්‍රපටය ආදායම් වාර්තා අතරින්ද ඉහළින් තිබූ බව බොහෝදෙනා දන්නා කාරණාවකි. 2013 වසරේ තිරගත වූ Girls Rising නම් චිත්‍රපටය සඳහාද ඇය රංගනයෙන් දායක විය. 2014දී ෆීඩා හට තවත් සිනමා නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වීමට වරම් හිමි විය. 2015 වසරේදී ඇය සිනමා නිර්මාණ හතරක් සඳහා රංගනයෙන් දායක වූ අතර, ඒ අතරින් Unity සහ Blunt Force Trauma නම් චිත්‍රපට දෙක ආදායම් වාර්තා අතරටද එක් විය. 2016 සහ 2017 වසරේදී ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට එතරම් සාර්ථකත්වයට පත් නොවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2018 වසරේ ඇය රංගනයෙන් දායක වන දැවැන්ත නිර්මාණය ලෙස හඳුන්වන්නේ ‘ජන්ගල් බුක්’ චිත්‍රපට මාලාවට අයත් ‘මොවුග්ලි’ චිත්‍රපටයයි. ඊට අමතරව ඇය Love Sonia නම් චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායක වන අතර, එහි නිෂ්පාදන කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතී. 2019දී එළිදැක්වීමට නියමිත චිත්‍රපටයක් සඳහාද ඇයට රංගන වරම් උදාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබන්නේ.
ඉන්දියානු ජාතික ෆීඩා පින්ටෝ මේ වනවිට හොලිවුඩ් සිනමාව ආක්‍රමණය කර ඇති බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ. ඇය බොලිවුඩ් සිනමා නිර්මාණවලට දායකත්වය ලබා නොදී හොලිවුඩ් නිර්මාණයන් සඳහා මූලිකත්වය ලබාදී ඇතැයිද පැවසේ. ප්‍රියංකා චොප්රාට පසුව හොලිවුඩ් සිනමාව ජයගත් තවත් රංගන ශිල්පිනියක් ලෙස ෆීඩා පින්ටෝ හැඳන්විය හැකිය.