හොලිවුඩ් රිමෙක් චිත්‍රපටයකට දිපීකා
‘ට්‍රිබල් එක්ස්’ දෙවැනි චිත්‍රපටය හරහා මේ වනවිට මුළු ලෝකයේම අවධානය දිනාගෙන ඇති දිපීකා පදුකෝන්ට මේ වන ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටයක් වූ ‘මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත්’ චිත්‍රපටයේ රිමෙක් චිත්‍රපටය සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලැබී තිබෙන බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, මේ පිළිබඳව දිපීකා පවසන්නේ, ඇය දැනට දායකවී ඇති ‘පද්මාවති’ චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් වූ පසුව මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා දායක වන බවයි. ඇයගේ පළමු හොලිවුඩ් චිත්‍රපටය වූ ‘ට්‍රිබල් එක්ස් - The Return of Xander Cage‘ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි මුදලක් උපයාගෙන තිබෙනවා.