හොලිවුඩ් යුවලක් වන ඇනා සහ ක්රිස් දික්කසාද වෙයි
ගාර්ඩියන් ඔෆ් ද ගැලැක්සි චිත්රපටය හරහා බොහෝ දෙනා දැන හැඳින ගත් හොලිවුඩ් නළු ක්රිස් ප්රැට් දික්කසාද වී තිබේ. හොලිවුඩ් ජනප්රිය නිළියක් වන ඇනා ෆැරිස් සමග විවාහ වී සිටි ක්රිස් දික්කසාදය පිළිබඳව සඳහන් කර තිබුණේ පසුගිය ජූලි මාසයේදීය. 2009 දී විවාහ වූ මොවුන් දෙදෙනා මෙලෙස වෙන් වී ඇත්තේ ඇයිදැයි තවමත් සඳහන් කර නොමැත. කෙසේ වෙතත් හොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇනා මේ වනවිට හිටපු සැමියා සමග කාලය ගත කරන බවයි. ඇයගේ පළමු විවාහය සිදුවූයේ 2004 වසරේදීය.