හොලිවුඩ් නිළි හර්ලේට වන්දියක්
ජනප්රිය නිළි එළිසබෙත් හර්ලේ පසුගියදා නඩුවකින් ජය හිමිකර ගත්තා. මේ නඩුව ඇය පවරා තිබුණේ එංගලන්තයේ මිරර් ගෲප් නිව්ස් පේපර්ස් පුවත්පත් ආයතනයට එරෙහිවයි. එහිදී එම තීන්දුව ප්රකාශයට පත් කළ අධිකරණය මිරර් ගෲප් ආයතනයට නියෝග කරනු ලැබුවේ එලිසබෙත් හර්ලේට පවුම් 2,60,250ක වන්දියක් ගෙවන ලෙසයි.
හර්ලේ මෙම නඩුව ගොනු කිරීමට හේතු වූයේ එම ආයතනය මගින් ප්රකාශයට පත්කරනු ලබන 'ඩේලි මිරර්' පුවත්පතේ 1998 වර්ෂයේ ජුලි මස සිට 2007 වර්ෂයේ මාර්තු මස දක්වා පළ කළ ලිපි රැසකින්ම තමන්ට අපහාසයක් සිදු වූ බව පවසමිනි. එම නඩු විභාගයේදී මේ සුරූපී නිළිය එවැනි ලිපි 58ක් ඉදිරිපත් කර තිබුණු අතර, ඇය වැඩිදුරටත් ප්රකාශ කරනු ලැබුවේ මිරර් ගෲප් පුවත්පත් ආයතනය තම දුරකථනයට රහසින් සවන් දී ලබාගත් තොරතුරුද එම ලිපිවලට ඇතුළත් කර ඇති බවයි. කෙසේවෙතත්, එළිසබෙත්ගේ නීතිඥයන් පැවසුවේ තම සේවාදායිකාව මෙම වන්දි මුදල මෙවැනි අකටයුතුකම්වලට ගොදුරුවන්නන් වෙනුවෙන් ප්රදානය කිරීමට තීරණය කර ඇති බවයි.