හොලිවුඩ් නිළි 'කේරි ෆිෂර්' මිය යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-12-29-ent-38

ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ ප්‍රින්සස් ලේයා ගේ චරිතයට පණ පෙවූ සුප්‍රකට නිළි %කේරි ෆිෂර්^ පසුගිය අඟහරුවාදා දිනයේදී මියගිය බව ඇයගේ පවුලේ සාමාජිකයෝ පවසති. මිය යනවිට 60 වැනි වියේ පසුවූ ඇය දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිට ඇත. පසුගිය දිනක ලන්ඩනයේ සිට ලොස් ඇන්ජලීස් වෙත පැමිණි ගුවන් යානයකදී හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ ඇය ඉකුත් ඉරිදා දිනයේදී ඇය යම් තරමක සුවයක් ලබා ඇතැයිඇගේ මව පවසා තිබුණද,අඟහරුවාදා දිනයේදී ඇය මියගොස් තිබේ.

හොලිවුඩයේ තරු යුවළක් වන ඩෙබී රෙනෝල්ඩ්ස් සහ ගායක එඩී ෆිෂර්ට දාව කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස්හිදී 1956 ඔක්තෝබර් 21 වැනිදා උපත ලබන කේරි, රංගන ශිල්පිනියක, තිර රචකාවියක, අධ්‍යක්ෂවරියක,කථිකාවියක මෙන්ම කතුවරියක ලෙස ප්‍රසිද්ධත්වයට පත් වූවෙකි. 1975 Shampooසිනමාපටය ඔස්සේ චිත්‍රපට රංගනයට අවතීර්ණ වන ඇය ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ පින්සස් ලේයාගේ චරිතය හරහා වඩ වඩාත් ප්‍රසිද්ධත්වයට පත්විය.කේරි රංගනයෙන් දායක වූ නිර්මාණ අතරShampoo (1975), The Blues Brothers (1980), Hannah and Her Sisters (1986), The 'Burbs (1989), සහWhen Harry Met Sally (1989)සුවිශේෂී වෙයි.

 

2016-12-29-ent-39