හොලිවුඩයේ සරාගිනිය ඩෙමී මෝර් අවුරුදු 56 දීත් කැමරාව ඉදිරියේ නිරුවත් වෙයි
ඩෙමී මෝර් කියන්නේ හොලිවුඩයේ ඉන්න සරාගී නිලියක්. දැන් ඇගේ වයස අවුරුදු 56 යි. ‘ඕනෑකම සහ කැපවීම තිබෙනවා නම්, ලස්සන සිරුරකින් හැඩවෙන්න වයස ප්‍රශ්නයක් නැහැ’ යැයි කියමින් ඩෙමී මෝර් හාපර් ‘බසාර්’ සඟරාවේ ඔක්තෝබර් කලාපයේ කවරය වෙනුවෙන් නිරුවතින් වෙලා.
‘බසාර්’ සගරාව වෙනුවෙන් එහි මාධ්‍යවේදිනී ලේනා ඩන්හම් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඩෙමී මෝර් නිළියක ලෙස තමන් ආ ගමන සම්න්ධයෙන් පමණක් නොව තම පෞද්ගලික ජීවිතය ගැන කරුණු රැසක් හෙළි කර තිබෙනවා.
තමා මත්පැන්වලට ඇබ්බැහි වූ බවත්, විවාහ ජීවිතය දෙදරා ගිය අයුරු ගැනත්, මානසිකව වැටී යළි නැගී සිටි අයුරුත් ඩෙමී මෝර්, ‘බසාර්’ සඟරාවට හෙළි කර තිබෙනවා. ඩෙමී මෝර් මීට පෙර ඇමෙරිකන් සඟරාවකට සිය නිරුවත ප්‍රදර්ශනය කළේ 1991 වසරේදීයි. ඒ, ‘වැනිටි ෆෙයාර්’ සඟරාව වෙනුවෙනුයි. ඇය එසේ නිරුවතින් සිටියේ, මාස 7 ක ගැබිනියක ව සිටිද්දීයි.
හොලිවුඩ නිළියක් ලෙස ඩෙමී මෝර් ලෙස ජනප්‍රිය වූයේ ඩෙමී ජීන් ගයිනස්ය. ඩෙමී මෝර් උපන්නේ 1962 නොවැම්බර් 11 වැනිදායි. මෝර් තෙවරක් විවාහ වූ අයෙක්. හොලිවුඩයේ ජනප්‍රිය ක්‍රියාදාම නළු බෲස් විලිස් ඇගේ දෙවැනි සැමියායි. දෙදෙනා විවාහ වී සිටියේ 2005 සිට 2013 දක්වා පමණයි. මොවුන් දෙදෙනාට දරුවෝ තිදෙනෙක් සිටිනවා.
ඩෙමී මෝර් තෙවැනියට විවාහ වූයේ ඇයට වඩා වසර 16 ක් බාල හොලිවුඞ් ප්‍රහසන නළු ඇෂ්ටන් කෘචර් සමඟයි.
ගෝස්ට් (1990), ස්ට්‍රිප්ටීස්(1996), ඉන්ඩීසන්ට් ප්‍රොපෝසල් (1993), ජී.අයි. ජේන් (1997), අ ෆිව් ගුඞ් මෙන් (1992) යන ජනප්‍රිය චිත්‍රපටවල ප්‍රධාන නිළිය වූයේ ඩෙමී මෝර් ය.