හොලිවුඩයේ 86 වැනි නත්තල් පෙළපාළිය
සෑම වසරක් පාසාම සිදුකරනු ලබන හොලිවුඩයේ විශාලතම සහ එකම නත්තල් පෙළපාළිය මෙවරත් 86 වැනි වරට ආරම්භ වුණි. පසුගියදා ආරම්භ වූ මෙම නත්තල් පෙළපාළිය සඳහා හොලිවුඩ් තරු මෙන්ම රූපවාහිනී තරු ඇතුළු මාධ්‍ය ගණනාවක බොහෝ පිරිස් දායක වුණි.
සෑම වරසක් පාසාම සිදුකරනු ලබන මෙම නත්තල් පාගමන මෙවරත් ලොස්ඇන්ජලීස් සහ කැලිෆෝනියා ඇතුළු ප්‍රාන්ත කිහිපයක ගමන් කරනු ලබයි. උත්සවශ්‍රීයෙන් සමරනු ලබන වසරේ විශාලතම නත්තල් පාගමන වන මෙය ඉදිරිපත් කරනු ලබන්නේ ටෙලිවිෂන් ඇසෝසියෙට් ඉන්ටර්නැෂල් සමාගම විසිනි. එළැඹෙන 25වැනි දින මෙම නත්තල් පෙළපාලිය අවසන් වනු ඇත. නිවේදන කටයුතු වලින් මෙවර පෙළපාලිය සරසනු ලබන්නේ එරික් එස්ට්‍රඩා, ලවුරා මැක්නීස්, ඩීන් චෙන් සහ මොන්ටෙල් විලියම්ස් විසිනි. මීට අමතරව මෙම පෙළපාළියේ නිල මාධ්‍ය වශයෙන් කටයුතු කරනු ලබන්නේ The CW නාළිකාවයි. Hollywood Christmas Parade සඳහා දීර්ඝ ඉතිහාසයක් තිබේ. මෙම නත්තල් පෙළපාලිය ආරම්භ කර ඇත්තේ 1928 දීය. එක් දිනක් තුළ කිලෝමීටර් 5කට අධික දුර ප්‍රමාණයක් මෙය ගමන් කරනු ලබයි. දින 15ක් වැනි කාලයක් තුළ ලෝස්ඇන්ජලීස් සහ කැලිෆෝනියා යන ප්‍රාන්ත දෙකෙහි මෙය ගමන් කරනු ලබයි.
හොලිවුඩයේ ජනප්‍රියත්වයට පත් චිත්‍රපට චරිත මෙන්ම සංගීත කණ්ඩායම්ද මේ සඳහා දායක වනු ඇත. මෙම පෙරහර අවසානයේ විශාල ලෙස නිර්මාණය කරනූ ලැබූ නත්තල් සීයාද ප්‍රදර්ශනය කරනු ලබයි. එමෙන්ම මෙම නත්තල් පෙළපාළිය වෙනුවෙන් හොලිවුඩ් තරු විශාල කැපවීමක් දරන බවද සඳහන් වෙයි.