හොලිවුඩයට සීමාවූ පින්ටෝ බොලිවුඩයට එයි
ඩැනි බොයිලිගේ ‘සල්ම්ඩෝග් මිලියනර්’ චිත්‍රපටය හරහා රංගනයට පිවිසි ෆරිඩා පින්ටෝ ඉන් පසුව බොහෝවිට දකින්නට ලැබුණේ හොලිවුඩ් නිර්මාණ හරහාය. අතිශය ජනප්‍රිය වූ ‘රීස් ඔෆ්ද ප්ලැන්ට් ඔෆ්ද ඇෆ්ස්’ හා ‘ඉමෝර්ටල්ස්’ චිත්‍රපටවලද රඟපෑ පින්ටෝ හොලිවුඩයේ ජනප්‍රිය සිනමා තරුවක් විය.
‘ස්ලම්ඩෝග් මිලයනර්’ චිත්‍රපටයෙන් පසුව මේ වනවිට නැවතත් පින්ටෝ බොලිවුඩ් සිනමා නිර්මාණය දකින්නට ලැබේ. ඒ තබ්රිස් නුරානි අධ්‍යක්ෂණය කළ ‘ලව් සෝනියා’ චිත්‍රපටය තුළිනි. එහි ඇය ‘රශ්මි’ චරිතය නිරූපණය කරනු ලබයි. මෙම චිත්‍රපටය එළැඹෙන සැප්තැම්බර් 14 වැනිදා ප්‍රදර්ශනය වීඹට නියමිතව ඇත.