හොලිවුඩයට දෙවනත් කිරීමට සැරසෙන ස්කාර්ලට්
ස්කාර්ලට් ජොන්සන් නැවතත් හොලිවුඩය දෙවනත් කිරීමට සැරසෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය විසින් රංගනයෙන් දායක වීමට නියමිතව ඇති චිත්‍රපටය මෙම 31 වැනිදා එළිදැක්වීමට නියමිත වීම එයට හේතුවයි. Ghost in the Shell ලෙස හඳුන්වන මෙම චිත්‍රපටය සම්පූර්ණ වශයෙන් ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ නිර්මාණය වන්නකි. මෙහි ස්කාර්ලට්ගේ චරිතය පිළිබඳව බොහෝදෙනා කතා කිරීමට පෙළෙඹෙන්නේ ඇය එහි රොබෝවරියක් ලෙස රංගනයෙන් දායක වීම නිසාවෙනි. 1989 වර්ෂයේදී මුද්‍රණය කරනු ලැබූ Ghost in the Shell නම් කොමික් පොත ඇසුරෙන් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන බවද සඳහන් වෙයි. රූපර්ට් සැන්ඩ්‍රස් විසින් අධ්‍යක්ෂණය කරන මෙය පැරමවුන්ට් පික්චර්ස් ඇතුළු තවත් නිෂ්පාදන ආයතන 04ක් එක්ව නිෂ්පාදන කටයුතු සිදුකර තිබේ.
Scarlett Johansson පසුගිය වසරේ හොලිවුඩ් නිළිය ලෙස අභිෂේක විය. ඒ ඇවෙන්ජර්ස්හි රංගනයෙන් දායක වීම නිසාවෙනි. Popular Hollywood Actresses In 2016 යන නාමය ඇයට ලැබී ඇත්තේ මෙම වර්ෂයේ තිරගත වූ ඇවෙන්ජර්ස් චිත්‍රපටය හේතුවෙන් බව බොහෝදෙනාගේ මතයයි. කෙසේවෙතත් සමාජ වෙබ් අඩවිවල ඇය පිළිබඳව වැඩි වශයෙන් සෙවුම්කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මෙම කාරණාවත් සමග ස්කාර්ලට්ගේ රංගන දිවිය පිළිබඳව අපි මෙලෙස තොරතුරු ගෙන එන්නට සිතුවෙමු.
1994 වර්ෂයේ රංගන ක්ෂේත්රයට ප්රවිශ්ට වූ ඇය එම වසරේදී රංගනයෙන් දායක වූයේ North චිත්‍රපටය සඳහාය. 1996 වර්ෂයේදී රංගනයෙන් දායක වූ Manny &Lo චිත්‍රපටයෙන් ඇයව Independent Spirit Award සඳහා Best Female Lead ලෙස නම් විය. ඉන්පසු 1998 වර්ෂයේදී රංගනයෙන් දායක වූ The Horse Whisperer චිත්‍රපටය ආදායම් වාර්තා අතරට පැමිණියේය. එහි ආදායම ඩොලර් මිලියන 186ක් මුදලක් වාර්තා විය. ඇයගේ සිනමා දිවිය තවත් ශක්තිමත් කිරීමට එය හේතුවක් වූ බව සඳහන් වෙයි. 2001 වර්ෂයේදී Ghost World චිත්‍රපටය හේතුවෙන් සම්මානයක් පිදුම් ලැබීමට ඇයට හැකියාව ලැබුණි. ඉන්පසු 2003 වර්ෂයේදී Girl with a Pearl Earring නම් චිත්‍රපටයේ වැඩිහිටියන්ට සීමාවූ චරිතයක් සඳහා රංගනයෙන් දායක විය. එය ඇයට තරමක් අසීරු චිත්‍රපටයක් බව සඳහන් වෙයි. 2003 වර්ෂයේදී එළිදැක්වූ Lost in Translation චිත්‍රපටය සඳහා BAFTA සම්මානයද, Best Actress in a Leading Role සම්මානයද, Golden Globe Award සම්මානයද හිමි විය.
2004 වර්ෂයේදී A Love Song for Bobby Long චිත්‍රපටයද, 2005 වර්ෂයේදී Woody Allen's චිත්‍රපටයද, 2006 වර්ෂයේදී The Black Dahlia චිත්‍රපටයද, 2008 වර්යේදී The Other Boleyn Girl චිත්‍රපටයද, 2009 වර්ෂයේ He's Just Not That Into You චිත්‍රපටයද, 2010 වර්ෂයේදී Iron Man 2 චිත්‍රපට Golden Globe Award සම්මාන සඳහා ඇයව නිර්දේශ විය.
2015 වර්ෂයේදී The Avengers චිත්‍රපටයද, 2014 වර්ෂයේදී Captain America සහ The Winter Soldier චිත්‍රපටයද, 2015 වර්ෂයේදී Avengers: Age of Ultron චිත්‍රපටයටද ආදායම් අතින් ඉහළ විය. රංගන වෘත්තීමය ජීවිතයක් වූ ස්කාර්ලට් ගීත ගායනයට දස්කම් පාන අයෙකු බව නොරහසකි. එමෙන්ම ඇයගේ පළමු ගීත ඇල්බමය 2008 වර්ෂයේ මැයි මාසයේ එළිදැක්විය. එය Anywhere I Lay My Head ලෙස නමින් නම් කෙරිණි. ඉන්පසු ඇගේ දෙවැනි ගීත ඇල්බය ලෙස Live Session නමින් ගීත ඇල්බමයක් iTunes වෙත ලබාදුනි. Break Up with Pete Yorn නමින් ඇයගේ තෙවැනි ඇල්බමය 2009 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ එළිදැක්වූ බව සඳහන් වෙයි. මේ ආකාරයෙන් මේ වනවිට ගායන ක්ෂේත්රය තුළද මෙන්ම රංගන ක්ෂේත්රය තුළද රංගන දස්කම්පාමින් ලබාගත් ජයග්‍රහණ පිළිබඳව ඇය ඉතාමත් සතුටට පත්වන බවද ඇය සඳහන්කර තිබේ.
Dilan Chryshantha