හොලිවුඩයට ගිය පි‍්‍රයංකාට සම්මාන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-05-ent-96

බොලිවුඩයේ ජනපි‍්‍රය නිළියක වූ පි‍්‍රයංකා චොප්රාට මේ වසර වාසනාවන්ත වසරක් වූ බව නිසැකය. එලෙස වාසනාවන්ත වීමට එක් හේතු වූයේ ඇයට බොලිවුඩයෙන් හොලිවුඩයට පා තබන්නට අවස්ථාව ලැබුණු නිසාවෙනි. ඒ ‘බේ වොච්’ චිත‍්‍රපටිය හරහායි.

එහි ප‍්‍රදර්ශනය ඇරඹෙද්දීම ඇය සම්මානයකින් පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත වූවාය. ‘ඩැඩාසහීබ් පාල්කේ’ සම්මාන උලෙළේදී ඇය ජාත්‍යන්තරව හඳුනාගත් සම්මාන කාණ්ඩය යටතේ ඇයටද සම්මානයක් හිමි විය. එහෙත් අවාසනාව වූයේ එම සම්මානය ලැබෙන විට ඇය විදේශගතව සිටීමයි.

‘‘මම හිතන්නේ මම ටිකක් වැඩිපුර ඇමෙරිකාවට වෙලා හිටියා නම් හොඳයි කියලා. එහෙම ඉන්න තරමට මට සම්මාන ලැබෙනවා.’’ ඇය කියයි. ඇයට ජාතික මට්ටමේ සම්මාන ලැබෙන බොහෝ විට ඇය සිටියේ විදේශගතවය.

‘‘මම පද්ම ශී‍්‍ර සම්මානේ ලබද්දී මම හිටියේ නිව්යෝර්ක්වල. මගේ මාරතී නිෂ්පාදනය ජාතික සම්මාන ලබා ගනිද්දීත් මම ඉන්දියාවේ හිටියේ නෑ.’’ ඇය මෙසේ පවසා තිබුණේ, ජර්මනියේ බර්ලින් නුවර සිටයි. ඇය එහි ගොස් තිබුණේ බේ වොච් චිත‍්‍රපටියේ ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙනි.

“ජාත්‍යන්තර මට්ටමට යන්න පි‍්‍රයංකා හුඟක් මහන්සි වෙලා වැඩ කළා. ඒ වගේම තමන් කරන දෙයට අවංක වුණා. ඒ හින්දයි ඇයට බේ වොච් වගේ ජාත්‍යන්තර චිත‍්‍රපටියකට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඇත්තටම ඇය මුළු ඉන්දියාවට ලොකු ගෞරවයක් ලබා දුන්නේ.’’

ඩැඩාසහීබ් පල්කේ සම්මාන කමිටුව ඇය එම සම්මානය උදෙසා නම් කරන්නට හේතු පැහැදිලි කරමින් පවසා තිබේ.

තවම සම්මාන උලෙළ පවත්වා නැති අතර එය ජූනි 01 වැනිදා මුම්බායිහි දී පැවැත්වීමට නියමිතය. එම උලෙළට තමන් සහභාගී වෙනවාද නැද්ද යන්න පි‍්‍රයංකා තවම තහවුරු කර නොමැත.

 

2017-06-05-ent-97  2017-06-05-ent-95