හොලිවුඩය තුළ පිළිගැනීමක් නැති ක්‍රිස්ටීනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-1448

‘ජුමන්ජි’ පළමු චිත්‍රපටය තුළින් හොලිවුඩ් සිනමාවට පිවිසි ක්‍රිස්ටිනා ඩනස්ට් වඩාත් ජනප්‍රිය වූයේ ටෝබී මැග්රේ සමගින් රඟපෑ ‘ස්පයිඩර් මෑන්’ චිත්‍රපට මාලාව හරහාය. ඇය මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ හොලිවුඩය මේ වනවිට තමාව අමතක කර ඇති බවයි.

වසර 30ක කාලයක් තිස්සේ තමා හොලිවුඩ් නිළියක් ලෙස ගත කළද හොලිවුඩයෙන් තමාට ලොකු පිළිගැනීමක් ලබා නොදුන් බවද ඇය වැඩි දුරටත් පවසා සිටියි. ක්‍රිස්ටිනා මේ වනවිට සිය 37 වැනි විය ගෙවා දමමින් සිටින අතර, ඇය අවසන් වරට රංගනයෙන් දායක වි තිබුණේ 2016 වසරේ රූපගත කළ ‘වුඩ්ශොක්’ චිත්‍රපටයේය.