හොඳම යුවළ ෂාහිඩ් සහ මීරා
වාර්ෂිකව පවත්වන 'වෝග් බියුටි එවෝර්ඩ්' සම්මාන උලෙළේදී වසරේ හොඳම යුවළ ලෙස ජනප්රිය බොලිවුඩ් නළු ෂාහිඩ් කපූර් හා ඔහුගේ බිරිඳ මීරා රාජ්පූත් සම්මානයට පාත්රවූහ. මොවුන් දෙදෙනා ඉන්දීය සිනමා සම්මාන උලෙළකදී හොඳම යුවළට හිමි සම්මානයක් දිනාගත් පළමු අවස්ථාවද මෙය වේ. මෙම සම්මානයට අමතරව 'බියුටිෆුල් ග්ලෝබල් ඉන්දියන් අයිකන්' ලෙස සම්මානයට පාත්ර වූයේ බොලිවුඩයේ හිටපු අංක එකේ නිළි අයිශ්වර්යා රායිය. මීට පෙරද ඇය කිහිප වරක් මෙම සම්මානයෙන් පිදුම් ලබා තිබීම විශේෂත්වයකි. 'මොස්ට් බියුටිෆුල් මෑන්' බවට සම්මාන දිනාගත්තේ ආක්ෂේ කුමාර්ය.