හොඳම නිළිය 'මවුනි රෝයි'
පසුගියදා පැවති ‘Golden Petal’ සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස සම්මාන දිනා ගන්නට ‘නාගින්’ ටෙලි නාට්‍යයේ ‘ශිවන්යා’ ලෙස රඟපෑ මවුනි රෝයි සමත්ව ඇත. මවුනි රෝයි හොඳම නිළිය බවට පත්වෙද්දී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ‘ශක්ති’ ටෙලි නාට්‍යයේ රඟපෑ විවාන් ඩීසේනාය.
කෙසේ වෙතත්, මෙම සම්මාන උලෙළේදී ‘යේ හේ මොහබතින්’ ටෙලි නාට්‍යයේ දිව්‍යංකා ත්‍රිපාති මෙන්ම ‘දියා ඕර් භාටි’ ටෙලි නාට්‍යයේ දිපීකා සිං කිසිදු සම්මානයක් සඳහා නිර්දේශ නොවු බව සඳහන් වේ. වාර්තා වන අන්දමට මේ වනවිට ඔවුන්ට වඩා ප්‍රේක්ෂක අවධානය මවුනි රෝයිට ලැබී තිබෙන බව දැනගැනීමට ලැබේ.