හොඳම ටෙලි නාට්‍ය නිළිය දිව්යාං කා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-2193

කාලයක් තිස්සේ විකාශය වූ උතුරු ඉන්දීය ටෙලි නාට්‍යක් වූ ‘යේ හේ මොහාබතින්’ ටෙලි නාට්‍යයේ ‘ඉෂිතා’ ලෙස රංගනයෙන් දායක වූ දිව්යාං කා ත්‍රී පාටි පසුගියදා පැවැති ‘දදාසහාබ් පල්කේ’ ජ්‍යාත්‍යන්තර සම්මාන උළලේදී වසරේ හොඳම ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මානයට පාත්‍ර විය.

මෙවැනි ඉහළ පෙළේ සම්මානයක් දිව්යාං කා දිනාගත් පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි. මේ වනවිට ‘යේ හේ මොහාබතින්’ ටෙලි නාට්‍යය විකාශය නොවන අතර, එම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ‘බලාජි’ නිෂ්පාදන ආයතනය විසින්ම දිව්යාංමකා යොදා නවතම ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීමට අදහස් කරමින් සිටියි.