හොඳම 'කපල් එක' කවුද?
මේ දිනවල බොලිවුඩයේ පෙම්වතුන් කිහිප දෙනෙකුගේ නම් විටෙන් විට කියැවේ. පසුගියදා ‘බොලිවුඩ් ඔෆ් ලයිෆ්’ වෙබ් අඩවිය කළ සමික්ෂණයකදී වැඩි දෙනාගේ කැමැත්ත හිමිවු පෙම්වතුන් යුවළ බවට පත්වූයේ ‘ප්‍රියංකා හා නික්’ යුවළය. ඔවුන්ට අමතරව ආලියා හා රන්බීර්ටද වැඩි පිරිසකගේ මනාපය ලැබි තිබුණ අතර, නොවැම්බර් මාසයේදී විවාහ වීමට සූදානමින් සිටින රන්වීර් හා දිපීකා පදුකෝන් යුවළටද සැළකිය හැකි මට්ටමේ පිරිසකගේ අවධානය යොමුව තිබුණි.
අඩුම අවධානයක් හිමිව තිබුණේ සුශාන්ත් හා ක්‍රිති ෂැනොන් දෙදෙනාටය. මොවුන් දෙදෙනා පෙම්වතුන් වුවද එය ඔවුන් ප්‍රසිද්ධියේ නොපෙන්වන නිසාදෝ ඔවුන්ට අඩු පිරිසකගේ අවධානය යොමුව ඇත. නිකී හා ප්‍රියංකා දෙදෙනා මේ වනවිට සිය විවාහය කවදා කෙතැනක සිදු කරන බවට ඉඟියක් හෝ ලබාදී නොමැති අතර, ආලියා හා රන්බීර්ගේ විවාහය 2020 දක්වා කල්ගත වන බවට ආලියා පවසා ඇත.